9 වැනි පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී දිවුරුම් දෙයි.
ඔහු කථානායක ධුරය වෙනුවෙන් ඒකමතිකව තෝරා ගන්නා ලදී.
කථානායක ධුරය සඳහා ඔහුගේ නම යෝජනා කරන ලද්දේ සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා විසිනි.
එය ස්ථිර කරන ලද්දේ මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසිනි.
කතානායක වරයා දිවුරුම්දීමෙන් අනතුරුව දිවුරුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් දිවුරුම් දුනි.
අනතුරුව ඇරඹුණේ කතානායක වෙනුවෙන් සියලුම පක්ෂවල සුබපැතුම් එක් කිරීමයි.







