දිනසේන රතුගමගේ
රුපියල් හැට දහසක මුදල් අල්ලසක් ලබා ගත් උතුරු ප්‍රදේශයේ ලංගම වැඩබලන ප්‍රාදේශීය කලමනාකාරවරයා මේ මස 27 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස මන්නාරම මහේස්ත්‍රාත් එම්.ගණේෂරාජා ඊයේ ( 19 ) නියෝග කළේය.
මන්නාරමේ පලිමුනෙයි ප්‍රදේශයේ ලංගම සේවකයෙකු විසින් සිදු කරණ ලද විනය විරෝධී ක්‍රියා කීපයක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව විනය පරීක්ෂණයක් පැවැත්වෙන අතර එහිදී එම සේවකයාට වාසි වන අන්දමට කටයුතු කිරීම සඳහා මෙම නිලධාරියා රුපියල් ලක්ෂයක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා තිබේ.
ගිවිසගත් මුදලෙන් රුපියල් හැට දහසක් මුලින් ලබා දීමට ලංගම සේවකයා කැමැත්ත පලකොට එම මුදල් ලබා ගැනීමට සිය ගමට පැමිණෙන ලෙස දන්වා මේ බව අල්ලස් හෝ දූෂණ මර්දන ඒකකයට දැණුම් දී තිබේ.
එම නිලධාරීන් අදාල ස්ථානයට පැමිණ නිලධාරියා මුදල් අල්ලස ගන්නා අවස්ථාවේදී කොටු කරගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කොට තිබේ.