මීළඟ කතානායක ධුරයට නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිහාල් ගලප්පත්ති සහ ලක්ෂ්මන් නිපුනාරච්චි යන මන්ත්‍රීවරුන්ගේ නම් යෝජනා වී ඇතැයි රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් ලංකාදීප වාර්තා කර ඇත.
කෙසේ වෙතත් රජය ඉදිරි දින කිහිපයේදී මේ පිළිබඳ අවසන් තීරණයකට එළඹෙනු ඇතැයි වාර්තාවේ.
කතානායක ධුරය සඳහා නිහාල් ගලප්පත්තිගේ නම මීට පෙරද යෝජනා වී තිබිණ. ( සුජිත් හේවාජුලිගේ – ලංකාදීප)







