බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කතරගම අලුත් බාර් එක නියෝජ්‍ය කතා නායකගේ… කතරගම හිමිවරු කියති… මට බාර් දැම්මෙ නෑ… නියෝජ්‍ය කතානායක කියයි! බාර් එක වහන තුරු හිමිවරු දහම් පාසල් වසති!

by editor
සැප්තැම්බර් 24, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

කතරගම දෙටගමුවේ ආරම්භකළ සුරා සැල තමන්ගේ නොවන බව ම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ  පවසයි. 

ඔහු මේ බව පැවසුවේ අජිත් රාජපක්ෂට සුරාසැල් බලපත්‍රයක් ලැබී ඇති බවත් කතරගම දෙටගමුවේ පිහිටි සුරාසැල ඔහුගේ බවත් මාධ්‍යවල පලවන ප්‍රකාශයන් පිළිබඳව ඔහුගෙන් කළ විමසීමක දීය. 

“කතරගම දෙටගමුවේ තියෙන සුරා සැළ මා විසින් කරගෙන යන එකක් කියා චෝදනා එල්ල කර තිබුණා. මේක තනිකරම අසත්‍ය චෝදනාවක්. මගෙන් කිසිදු විමසීමක්වත් නොකර ඒ බව පුවත් පත්වල පවා පළ කරලා තිබුණා. මේ සම්බන්ධයෙන් මගේ දැඩි අප්‍රසාදය පළකරනවා”   නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ  කීවේය.

කතරගම දෙටගමුව ප්‍රදේශයේ නව සුරා සැළක් විවෘත කිරීමත් සමග මහා සංඝ රත්නය විසින් ඊට විරෝධය පළ කළේය.  මෙම සුරා සැල වසා දමන තෙක් ප්‍රදේශයේ දහම් පාසැල් වසා තැබීමට මහා සංඝයා වහන්සේ  ඊයේ ( 23 ) දින තීරණ කළේය. 

මෙම සුරාසැළ ආරම්භ කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලව ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ ටය.ඒ අනුව මේ සම්බන්ධයෙන් අප නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගෙන් සිදුකළ විමසිමකට ප්‍රතිචාර දක්වමින් ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.

RelatedPosts

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

“කතරගම මට සුරා සැළක් නෑ. අනික ඔය කතරගම දෙටගමුවේ දැම්ම සුරා සැලට මගේ කිසිදු සම්බන්ධයක් නෑ. කතරගම ස්වාමින් වහන්සේලා  මේ සම්බන්ධයෙන් මගේ නම සදහන් කරමින් මේ කරන ප්‍රකාශය ගැන මම දැඩි ලෙස කණගාටු වෙනවා. මේක මට මඩ ගහන්න කරපු වැඩක්. ”

“කතරගම තව බාර් ලයිසන් තියෙන හොටෙල් දහයකට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඒ අතරිනුත් කතරගම පූජා භූමියේම තියෙන බාර් හතරක ප්‍රසිද්ධියේම අරක්කු විකිණීම සිදුකරමින් යනවා. මේ විරෝධතාවය දක්වන පිරිස ඒ සියල්ලටමයි විරෝධය දැක්විය යුත්තේ. ඒවාට කිසිදු විරෝධතාවයක් නොදක්විම පුදුම් සහගතයි.”

“අනික බාර් කිහිපයක්ම පහුකරගෙන ඇවිත් මේ දෙටගමුවේ සුරා සැළට පමණක්ම පිරිසක් විරෝධය පෑම විහිළුවක්. කතරගම පූජා නගරයට අරක්කු බාර් එපා නම් සියළුම ඒවා ඉවත් කරන්න කියලා තමයි විරෝධය දක්වන්න ඕනේ. එහෙම නැතිව එක් සුරා සැළක් ඉලක්ක කරගෙන මෙලෙස විරෝධය පෑම විහිළුවට කරුණක්. ඒ නිසා මම පැහැදිළිවම කියනවා මේ සුරා සැළ සම්බන්ධයෙන් මගේ කිසිදු සම්බන්ධයක් නෑ. මගෙන් කිසිදු විමසිමක් නොකර පුවත්පත් වල මගේ නම සදහන් කරමින් කතරගම බාර් එක මම පවත්වාගෙන යන්නේ කියලා පළකර තියෙනවා. මාධ්‍ය සදාචාරය කියන්නේ මේකට නෙමේ. මේ පුවත වාර්තා කළ මාධ්‍යෙව්දීන්ට තිබුණා මගෙනුත් මේක ඇත්තද කියලා විමසිමක් කරන්න. එහෙම් කිසිදු විමසිමක් නොකර මගේ නම පළකිරිම සම්බන්ධයෙන් මා කණගාටු වෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙනුත් මම නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා.”

කෙසේ නමුත් ප්‍රදේශවාසින් පවසන්නේ දැනට මේ වන විටත් කතරගම පුජා නගරය තුළ හා ඒ ආසන්නයේ හෝටල් තුළ පවත්වාගෙන යන බාර් 10කට ආසන්න ප්‍රමාණයක් පවතින බවත්, එම හෝටල් අතරින් හෝටල් තුනක්ම ඉතාමත් ප්‍රසිද්ධියේම අධික මිළ ගනන් යටතේ පිටතින්  පැමිනෙන පිරිස් වෙත මත්පැන් අලෙවි කිරීම සිදුකර බවත් ය. කතරගමින් සුරා සැල ඉවත් කරන්නේ නම් මෙම සුරා සැළ පමණක් නොව හෝටල් තුළ පවත්වාගෙන යන බාර් ලයිසන් සියල්ලද ඉවත් කිරිමට බළධාරින් කටයුතු කල යුතු බවයි.

කෙසේ නමුත් කතරගම ශාසනාරක්ෂක බළ මණ්ඩලයේ භික්ෂූන් වහන්සේ 23 වන දින කතරගම අභිනවාරාම විහාරස්ථානයේදී එක් රැස් වු අතර එහිදි භික්ෂූන් වහන්සේ ඒකමතිකව තීරණය කර ඇත්තේ කතරගම දෙටගමුවේ ආරම්භ කළ නව සුරා සැළ වසා දැමිය යුතු බවය.  එතෙක් දහම් පාසැල් නොපවත්වන බවය. කතරගම හෝටල් තුළ මත්පැන් අළෙවි සැල් පවත්වාගෙන යන්නේ පැමිණෙන විදේශිකයන්ට බවත් ඒ මුවාවෙන් මෙම සුරා සැළ ආරම්භ කිරිමට ඉඩදිය නොහැකි බවත් මෙහිදි මහ සඟරුවන පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති අනුරට යුරෝපා සංගමයේ සුබ පැතුම්!

Next Post

රනිල් මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව එජාපය නිවේදනය කරයි!

Related Posts

charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!
  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.