මඩවල මහවංගුව දික්හින්න ප්‍රදේශයේ නිවසක් පිටුපස බැම්මක් ඉදි කිරීමට අත්තිවාර අත්තිවාරම කපමින් සිටියදී පස්කන්ද කඩාවැටී තිදෙනෙකුට මරු කැඳවූ සිද්ධියට අදාළ ඉඩමේ ඉදිකිරීම් අනුමැතිය නීත්‍යානුකූල ද යන වග පිළිබඳ පරීක්ෂණ පැවැත්වෙන්නේ යැයි වත්තේගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පාලිත ඉලංගසේකර පවසයි.
එම සිද්ධියෙන් මියගිය පූජාපිටිය මඩොල්කැලේ හා කැටබොල යන ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනාගේ මෘතදේහ අද 8 මහේස්ත්‍රාත් පරීක්ෂණ වලින් අනතුරුව කටුගස්තොට රෝහලේ සිට මහනුවර ජාතික රෝහලේ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමුකොට තිබේ.
එම සිද්ධියේදී බරපතළ තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත් කොට සිටින පුද්ගලයා මේ වන විට ශල්‍ය කර්මයකට භාජනය කොට ඇතැයිද ඔහු තවදුරටත් මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද පොලිසිය පවසයි







