බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කටුනායක ගුවන්තොටුපල කස්ටම් එක ගුවන්තොටුපල ආරක්ෂාවට තර්ජනයක් වෙලා…

by editor
ජනවාරි 14, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කිර්ති ප්‍රනාන්දු – 

කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයට ඇතුලුවන   අතිවිශේෂ ප්‍රභූවරුන් හැර බුද්ධි අංශ ඇතුළු සියලුම නිලධාරීන් තරාතිරමක් නොමැතිව පරීක්ෂාවට ලක් කෙරෙද්දී එම ආරක්ෂක නීතීන්  උල්ලංඝණය කරන රේගු නිලධාරීන් නිසා ගුවන්තොටුපල ආරක්ෂක අංශ දැඩි පීඩනයකට පත් වී ඇතැයි ගුවන්තොටුපල ආරංචි මාර්ග හෙළි කරයි.

සිය රාජකාරි බලයමත රේගු නිලධාරීන් කිසිවෙක් තමන්ගේ බෑගයක්වත් පරීක්ෂාවට ලක් කිරීමට ඉඩ නොදෙන බවත්,  රේගුවේ සුළු සේවකයන් පවා මේ බලය පාවිච්චි කිරීම බරපතල ප්‍රශ්නයක් බවත්  එම ආරංචි මාර්ග කියයි.

මේ සම්බන්ධව ආසන්නම සිද්ධිය ඊයේ වාර්තා වී ඇත.  රේගු නිලධාරීන් ගුවන් තොටුපල බහාලුම් ගබඩාව වෙත නියමිත නෛතික ක්‍රමවේදයෙන් තොරව සිය බලය පාවිච්චි කරමින් ඇතුළු වීමට කළ උත්සාහය ගුවන්තොටුපල ආරක්ෂක අංශ විසින් වළක්වා තිබේ.  නියමිත ක්‍රමවේදය නම් පෝරමයක් පුරවා නිශ්චිත අවසර පත්‍රයක් සහිතව ඇතුළුවීමය. රේගු නිලධාරීන් මෙම පෝරමය පිරවීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ආරක්ෂක අංශ සමග මෙම බහින්බස්වීම ඇති වී තිබේ.

“ මේක කාලයක් තිස්සෙ තියන ගැටලුවක්. රේගුවෙ නිලධාරීන් කිසිවෙක් නෛතික ක්‍රමවේදයට අනුව ගුවන්තොටුපලේ යම් යම් ප්‍රදේශවලට පිවිසීමට අවසර පත්‍ර ලබා ගැනීම  ප්‍රතික්ෂේප කරනවා. ඔවුන් සිය රාජකාරි නිල හැඳුනුම්පත පෙන්වලා තමයි ඒ ස්ථානවලට ඇතුළු වෙන්නෙ. ඒ වගේම කස්ටම් එකේ සුලු සේවකයෙකුගෙවත් බෑග් එකක් අපට චෙක් කරන්න දෙන්නෙ නෑ. මෙතන තියෙන්නෙ ආරක්ෂාව පිළිබඳ ගැටලුවක්.  දාහක් වගකීම් සහිත අය ඉද්දි එක් පුද්ගලයෙක් මෙහෙවා කරන්න පුලුවන් විනාශයන් අපි ලෝකයෙ අත්දැකලා තියනවා. මෙතන තියෙන්නෙත් ඒ වගේ ගැටලුවක්.  මේක රටේ ජනාධිපතිවරයා ඇතුළු ගුවන්තොටුපලට පැමිණෙන අන්තර්ජාතික තලයේ සියලුම ප්‍රභූ ආරක්ෂාවටත් වක්‍රාකාරයෙන් යම් විදිහකට බලපානවා.“

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

එම ආරංචි මාර්ග අපට තත්වය පැහැදිලි කරන්නේ ඒ ලෙසය.  ආරක්ෂක හේතුන් මත කාර්ය මණ්ඩලය  පවා පරීක්ෂා කරන විට  රේගුවේ නිලධාරීන් පරීක්ෂාවට ලක් නොවීම බරපතල ගැටලුවක් බව එම ආරංචි මාර්ග යළිත් පෙන්වා දුන්නේය.

මේ පිළිබඳව ගුවන්තොටුපල ආරක්ෂක අංශයෙන් විමසූ විට ආරක්ෂක අංශ ප්‍රධානියෙක් ප්‍රකාශ කළේ  රේගු නිලධාරීන්ට තමන්ගේ  හැඳුනුම්පතෙන් අවසර පත්‍රයක් ලබා නොගෙන යා හැකි තැන් තිබෙන බවය. ඔවුන්ට සිය රාජකාරි කිරීම සඳහා බාධාවකින් තොරව අවසර ලබා දීම ආරක්ෂක අංශවල වගකීම බවත් ඔහු පැවසුවේය.

කෙසේ වෙතත් රාජකාරි සඳහා අවසර නොමැති ස්ථාන වෙත ප්‍රවේශයේ දී  අවසර පත්‍රයක් ලබා ගැනීමට  ඔවුන්ට සිදුවන බවත් ඔහු පැවසුවේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

චීන ඔත්තුකාරියක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට රිංගලා

Next Post

දුම්රිය ස්ථානාධිපතිවරු යළි වර්ජනයක් අරඹති

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.