ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය විසින් යළි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.
ඒ, එම සංගමයේ උප සභාපතිවරයාගේ වැඩ තහනම් කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා කටයුතුකර ඇති බවට කියන සිද්ධියට විරෝධතාවය පළකරමිනි.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය විසින් ඊයේ (13) ක්‍රියාත්මක කළ සංකේත වැඩ වර්ජනය අවසන් කර පැය කිහිපයක් ගතවීමට පෙර යළිත් ඔවුන් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹ ඇත.