බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීන ඔත්තුකාරියක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට රිංගලා

by Lanka Sara Editor
ජනවාරි 14, 2022
in පුවත්
china spy sent to UK parliament
Share on FacebookShare on Twitter

බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බලපෑම් කිරීමට චීන රජය විසින් කාන්තාවක් යොදාගෙන ඇති බවට බ්‍රිතාන්‍ය අභ්‍යන්තර ඔත්තු සේවය වන එම්අයි-5 විසින් අනතුරු අඟවා තිබේ.

ඒ අනුව ක්‍රිස්ටීන් ලී ලෙසින් හඳුනාගෙන ඇති අදාල කාන්තාවගේ ඡායාරූප සහිතව බ්‍රිතාන්‍ය අභ්‍යන්තර ඔත්තු සේවය විසින් අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.

එම්අයි-5 විසින් නිකුත් කළ අනතුරු ඇඟවීම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කතානායක වන ලින්ඩ්සී හොයිල් විසින් සියලුම මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇත.

එහිදී කතානායකවරයා ප්‍රකාශකර ඇත්තේ ඔත්තු සේවය පවසන පරිදි අදාල කාන්තාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මුදල් ආධාර ලබාදී ඇති බවයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඇය එලෙස මුදල් ආධාර ලබාදෙමින් මන්ත්‍රීවරුන්, චීනයට පක්ෂපාතීව කටයුතු කිරීමට පෙළඹවීමට උතසාහ කර ඇති බවද කතානායක හොයිල් පවසා තිබේ.

මේ අතර ලී විසින් බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ මන්ත්‍රී බැරී ගාඩ්නර් හටද බ්‍රිතාන්‍ය පවුම් හාරලක්ෂ විසි දහසකට අධික මුදලක් ලබාදී ඇති බවටද අනාවරණය වේ.

උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරිය වන ප්‍රීති පටෙල් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ අදාල කාන්තාවගේ ක්‍රියාවන් අපරාධ ගණයට නොවැටෙන බැවින් ඇයට එරෙහි නීතිය ක්‍රියාත්මක කළ නොහැකි බවයි.

එහෙත් මන්ත්‍රීවරුන්ට මෙම තත්ත්වය ගැන දැනුම්වත් කරන බවත් සඳහන් කළ අමාත්‍යවරිය එක් කාන්තාවක් විසින් මන්ත්‍රීවරුන් චීනයට හිතවාදීව කටයුතු කිරීමට පෙළඹවීම සම්බන්ධයෙන් ගැඹුරින් සැලකිලිමත් විය යුතු බවද පෙන්වා දී ඇත.

ක්‍රිස්ටීන් ලී නැමති මෙම කාන්තාව ලන්ඩන් නගරයේ නීති උපදේශන ආයතනයක්ද පවත්වාගෙන යන අතර එහි වෙබ් අඩවියට අනුව අදාල ආයතනය ලන්ඩන් හී පිහිටි චීන තානාපති කාර්යාලයේ නීති උපදේශක ලෙසද කටයුතු කරනු ලබයි.

කෙසේවෙතත් චීනය රජය විසින් බ්‍රිතාන්‍ය අභ්‍යන්තර ඔත්තු සේවය නගන චෝදනා ප්‍රතික්ෂේප කර සිටී.

ලන්ඩන් හී චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කර ඇත්තේ එම්අයි-5 සංවිධානය බ්‍රිතාන්‍යයේ සිටින චීන ජාතිකයින්ව අපහසුතාවයට පත්කිරීමට උත්සහ කරන බවයි.

නිවේදනයක් නිකුත් කරමින් චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කර ඇත්තේ “චීනය සෑම විටෙකම රටක අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමක් කරන්නේ නැහැ. අපි කිසිම විටෙක විදෙස් රටක පාර්ලිමේන්තුවක් තුල අපිට පක්ෂපාතී කටයුතු කරන්නට කිසිවෙකු පෙළඹවීමක් කර නැහැ. ඒ අනුව මෙම චෝදනා බ්‍රිතන්‍යයේ සිටින චීන ජාතිකයින් අපහසුතාවයට පත්කිරීමක් විදිහට අපි දකිනවා.” යනුවෙනි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

චීන පොහොර සමාගමින් ගෙන්වන්න යන හයිබ්‍රිඩ් පොහොර රටේ ප්‍රමිතිය මගහැරීමක් ද?- විද්වත්හු අසති!

Next Post

කටුනායක ගුවන්තොටුපල කස්ටම් එක ගුවන්තොටුපල ආරක්ෂාවට තර්ජනයක් වෙලා…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.