සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකාවට දරුවන් ඇතුළු කරන්න හොර සහතික දුන් ග්‍රාම නිලධාරී රිමාන්ඩ්!

by editor
ජූලි 6, 2023
in පුවත්
St. Anthony's-Girls'-College
Share on FacebookShare on Twitter

කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විදුහලේ අතර මැදි පන්ති වලට සිසුන් ඇතුළත් කිරීම සඳහා දෙමව්පියන් පිරිසකට ව්‍යාජ තොරතුරු ඇතුළත් කර පදිංචි සහතික ලබාදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මහින්ද සෙනරත් පොල්වත්ත නැමැති ග්‍රාම නිලධාරිවරයා මහනුවර අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රාෆි   හමුවට ඊයේ (05) ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 19 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ගඟවට කෝරළය අංක 251 සෙංකඩගල වසමේ ග්‍රාම නිලධාරිවරයා ලෙස කටයුතු කළ මොහු මහනුවර විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (05) පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

ශාන්ත අන්තෝනි බාලිකා විදුහලේ අතරමැදි පංතිවලට සිසුන් ඇතුළත් කිරීම සඳහා දෙමව්පියන් පිරිසකට කූඨ ලේඛණ සකස් කරදීමේ චෝදනාව මත පොලීසිය මෙයට පෙර අත්  අඩංගුවට ගන්නා ලද සරත්චන්ද්‍ර දසනායක නැමැති අය හා මෙම ග්‍රාම නිලධාරීවරයා අතර දුරකතන සංවාද ගණනාවක් සිදුව තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.
සැකකාර ග්‍රාම නිලධාරිවරයා සෙංකඩගල කඩ කාමර අංක පවා යොදා ළමුන් ඇතුළත් කිරීම සඳහා පදිංචි සහතික ලබා දී තිබෙන අතර එකම අංකයට පදිංචි සහතික දෙකක් පුද්ගලයින් දෙදෙනෙකුට ලබා දී තිබෙන අවස්ථා ද වාර්තා වන බව පොලීසිය පවසයි.

පෞද්ගලික ආයතනයක සේවය කරන පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බළකායේ රැකියාවක් කරන බවට තොරතුරු ඇතුළත් කරමින් සැකකරු පදිංචි සහතිකයක් නිකුත් කර තිබේ.

ශාන්ත අන්තෝනි බාලිකාවට ළමුන් ඇතුළත් කිරීම සඳහා ලබා දී තිබෙන කූඨ ලේඛණ බවට සැක කෙරෙන ලේඛණ අතර මෙම ව්‍යාජ තොරතුරු ඇතුළත් පදිංචි සහතික තිබෙන බව ද පරීක්ෂණ මගින් හෙළිව ඇත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක   ගේ උපදෙස් මත විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.එම්.එස් උවින්දසිරි ,පොලිස් පරීක්ෂක එස්.සංජීව,පොලිස් සැරයන් හෙට්ටිආරච්චි යන නිලධාරීන් පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

 තායි තානාපති එන්ජිඕ සංවිධානවලට හොඳ කනේ පහරක් දුන්නා… හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජයරත්න

Next Post

ස්පා තෙරපිවරියන්ට පුහුණුවක් හා ලියාපදිංචි සහතිකයක්… 

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.