කච්චතිව් දූපත නැවත ඉන්දියාවට පවරා ගැනීමට කටයුතු කරන්න ලෙසත් මේ ඒ සඳහා සුදුසු අවස්ථාව බවත් තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් ඊයේ ( 26) යළිත් ඉල්ලීමක් කර තිබේ.
තමිල්නාඩු ප්‍රාන්තයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් විවෘත කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඊයේ චෙන්නායි නුවරට පැමිණි පැමිණි අවස්ථාවේ පැවැත්වූ උත්සවයක දී මහ ඇමතිවරයා මෙම ඉල්ලීම ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් කර තිබිණි.
තමිල්නාඩු ධීවර ප්‍රජාව කච්චතිව් දූපත නැවත ඉන්දියාවට පවරාගන්නා ලෙස කලක් තිස්සේ අඛන්ඩව ඉල්ලීම් කරනු ලැබුහ. එම ඉල්ලීමයි තමිල්නාඩු මහ ඇමතිවරයා අගමැති මෝදි ඉදිරියේ ඊයේ නැවතත් ප්‍රකාශ කළේය.
බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සමයේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව රටවල් දෙක විසින්ම භාවිත කළ පෝක් සමුද්‍ර සන්ධියේ පිහිටි කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට නැවත හිමිවූයේ 1976 ඉන්දු – ශ්‍රී ලංකා සමුද්‍ර සීමා ගිවිසුම මගිනි.
එහෙත් මේ අවස්ථාවේ දී අග්‍රාමාත්‍ය මෝදි ස්ටාලින්ගේ ප්‍රකාශයට ප්‍රතිචාර නොදැක් වූ බවත් ඉන්දියාව අඛණ්ඩව ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ සිටගෙන අසල්වැසි රටෙහි ප්‍රජාතන්ත්‍රවාදය, ස්ථාවරත්වය සහ ආර්ථික ප්‍රකෘතිය සඳහා සහාය දෙන බවත් විදෙස් මාධ්‍ය පවසයි.
“ළඟම මිතුරෙකු සහ අසල්වැසියෙකු ලෙස ඉන්දියාව ශ්‍රී ලංකාවට හැකි සෑම සහයෝගයක්ම ලබා දෙනවා. මෙයට මුල්‍ය ආධාර, ඉන්ධන, ආහාර, ඖෂධ සහ අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ඇතුළත්. ශ්‍රී ලංකාවට ආර්ථික සහය ලබාදීම සම්බන්ධයෙන් ඉන්දියාව ද ජාත්‍යන්තර වේදිකාවල දැඩිව කතා කළා…“ අග්‍රාමාත්‍යවරයා පැවසුවේ යැයි හින්දු පුවත්පත වාර්තා කරයි.
Discussion about this post