fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඔස්ට්‍රේලියානුවෝ අසරණ වෙති… ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 26ක ජයක්…

සති 3ක් ago
in පුවත්
512 5
0
Share on FacebookShare on Twitter

බොහෝ පරාජයන් මැද අපේක්ෂිත ජයග්‍රහණයක් ලැබී තිබේ. ශ්‍රී ලංකාව ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරදවා ලකුණු 26ක විශිෂ්ට ජයග්‍රහණයක් මීට ස්වල්ප වෙලාවකට පෙර වාර්තා කළේය.

පල්ලෙකැලේ ක්‍රීඩාංගනය ජයග්‍රහණයේ චමත්කාරයෙන් කුල්මත් වනු පෙනුණි.

කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානුවෝ මුලින්ම පන්දු රැකීම තේරූහ.  ප්‍රථමයෙන්   පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතකරණ විලාශය බලාපොරොත්තු සුන් කරවන්නක්  විය.  ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු පිරුණු ක්‍රීඩක වනිදු හසරංග අබාධයක් හේතුවෙන් අද තරගයට ක්‍රීඩා කළේ නැත. එය ක්‍රීඩා ලොලීන්ගේ අපේක්ෂා තවත් දුරස් කරවීය.

ධනුෂ්ක ගුණතිලකගේ ප්‍රහාරාත්මක ආරම්භය නොවීය. පන්දු 30ක දී ලකුණු 18ක් ලබා සිටිය දී ඔහු දැවී ගියේය.  පැතුම් නිශ්ශංක ලකුණු 14කි. කුසල් මෙන්ඩිස් පන්දු 41ක දී ලකුණු 36ක්, ධනංජය ද සිල්වා පන්දු 41ක දී ලකුණු 34ක්, දසුන් ශානක පන්දු 36ක දී ලකුණු 34ක් යොවුන් ක්‍රීඩක  දුනිත් වෙල්ලාලගේ පන්දු 35ක දී ලකුණු 20ක් ලබා ගත්තේය.  දුනිත් එක් හයේ පහරක් සහ එක් හතරේ පහරක් සිය ලකුණු 20ට එක් කළේය.  පන්දු ඕවර 50ක් ශ්‍රී ලංකා පිතිකරුවන් ක්‍රීඩා නොකරන බවට සියලුම ලකුණු පහළ වෙද්දි මහ වැසි ක්‍රීඩාංගනයට ඇද හැලිනි. පන්දු ඕවර 47.4ක් තුළ කඩුළු 09ක් දැවී තිබිය දී අයහපත් කාලගුණ තත්ත්වය ශ්‍රී ලංකා ඉනිම නිමා කළේය.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් හොඳම පන්දු යැවීම සිදුකළේ පැට් කුමින්ස්ය. කුමින්ස් කඩුළු 04ක් බිඳ දැමුවේය. ඒ පන්දු ඕවර 8.4ක් තුළ ලකුණු 35කට ය. මැතිව් කුහ්නෙමන් ලකුණු 45ට කඩුළු 02ක්, ග්ලෙන් මැක්ස්වෙල් ලකුණු 35ට කඩුළු 2ක් දවා ගත්තේය. මිෂෙල් ස්වෙප්සන් ලකුණු 58ට එක් කඩුල්ලක් ලැබුවේය.

දුනිත් වෙල්ලාලගේ…

ඩක්වර්ත් ලුවිස් න්‍යයට අනුව ඔස්ට්‍රේලියානුවන්ට පන්දු ඕවර 43ක දී ලකුණු 216ක ඉලක්කයක් ලැබිණි. එහෙත් හඹා යෑම කිසිසේත්ම පහසු නොවන බව පෙන්වමින් ශ්‍රී ලාංකා කණ්ඩායම ඔස්ට්‍රේලියානුවන් සම්බන්ධව ප්‍රබල පීඩනයක් ඇති කළේය.

සියලුම පන්දු යවන්නන් ඔස්ට්‍රේලියානුවන් බැඳ දම්මේය.  විශිෂ්ට වේග පන්දු යැවීමක නිරත වූ දුෂ්මන්ත චමීර පන්දු ඕවර 6.1 දී ලකුණු 19ක් පමණක් ලබා දී කඩුලු 2ක් බිඳ හෙළුවේය. චාමික කරුණාරත්න පන්දු ඕවර 7ක් යවා ලකුණු 47කට කඩුළු 03ක් ලැබීය. ධනංජය සිල්වා පන්දු ඕවර 6ක් යවා ලකුණු 26කට කඩුළු 02ක් ලැබීය. යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේත් කදිම පන්දු යැවීමක් සිදුකළේය.  පන්දු ඕවර 5ක් යවා ලකුණු 25කට කඩුළු 02ක් ලැබීය. චාමික කරුණාරත්නගේ විශිෂ්ට පන්දු රැකිමක් හමුවේ ඔස්ට්‍රේලියානු කඩුළු රකින ක්‍රීඩක ඇලෙක්ස් කෙරී දුවද්දී දැවී යෑමට හසුවිය.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ඩේවිඩ් වෝනර් ලකුණු 37ක්, ස්ටීවන් ස්මිත් ලකුණු 28ක්, ට්‍රෙවිස් හෙඩ් ලකුණු 23ක් රැස් කළහ.

ඔස්ට්‍රේලියානුවො ලකුණු 189කට සියල්ලෝ දැවී ගියහ. ඒ පන්දු ඕවර 37.1 දීය.  ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 26ක විශිෂ්ට ජයග්‍රහණයක් අත් කරගත්හ.

Join @lankasara on Telegram Channel
Previous Post

ඉන්ධන අර්බුදය රෝහල් පද්ධතියේ ඉතිරි ටිකත් බිඳ දමයි… 

Next Post

රටවල් 47කින් චීනයට එරෙහි මානව හිමිකම් පැමිණිල්ලක්

Related Posts

ලංකාව ආර්ථික මරණ මංචකය මත… ලෝ ප්‍රකට ආර්ථික විද්‍යා මහාචාර්ය ස්ටීව් හන්ක් නිවේදනය කරයි…

ජූලි 4, 2022

ඉන්ධන ගැනීම සහ බෙදීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන්   නීතිපතිට නියෝගයක් !

ජූලි 4, 2022

2022 උසස් පෙළ මාසයකින් කල් යයි… 2021 උසස් පෙළ ප්‍රතිඵල ආගොස්තුවේ…

ජූලි 4, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • ලංකාව ආර්ථික මරණ මංචකය මත… ලෝ ප්‍රකට ආර්ථික විද්‍යා මහාචාර්ය ස්ටීව් හන්ක් නිවේදනය කරයි…
  • ඉන්ධන ගැනීම සහ බෙදීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන්   නීතිපතිට නියෝගයක් !
  • 2022 උසස් පෙළ මාසයකින් කල් යයි… 2021 උසස් පෙළ ප්‍රතිඵල ආගොස්තුවේ…
  • හෙට හෝ අනිද්දා විදෙස් මැදිහත් වීමකින් ගහනවා කියන බෝම්බය ගැන අනුර රජයෙන් ප්‍රශ්න කරයි…
  • කෝටි 19ක රන් බිස්කට් ස්වර්ණාභරණ සහ විදේශ මුදල් කටුනායක දී කොටු…

ජනප්‍රිය පුවත්

  • නාමල්ගේ අලුත් ආණ්ඩු කපුකමට ගිය වාසු සෙසු පක්ෂ නායකයින්ගෙන් බඩ කට පුරා අහගනී…   

    233 shares
    Share 93 Tweet 58
  • හෙට හෝ අනිද්දා විදෙස් මැදිහත් වීමකින් ගහනවා කියන බෝම්බය ගැන අනුර රජයෙන් ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • මැයි 09 බේරේ වැව වටේ සිදුවූ දේ සිහි කර  ඉන්ධන ගනුදෙනුවලින් ඉවත් වන්න… චම්පික නාමල්ට කියයි…

    212 shares
    Share 85 Tweet 53
  • රටේ තෙල් සංචිත බින්දුවට හින්දා  කාංචන කටාර් ගියේ නාමල්ගේ කොම්පැණියෙන් තෙල් ගෙන්වන ඩීල් එකට ද?

    266 shares
    Share 106 Tweet 67
  • මේ වගේ මුග්ධ ආණ්ඩුවකට  අරාබි රටවලින් තෙල් නෙමෙයි වතුරවත් ලැබෙන්නෙ නෑ… හේතුව මුජබර් කියයි….

    181 shares
    Share 72 Tweet 45
  • බඩගින්නෙන් බේරෙන්න ඉන්දියාවට පලා ගොස් වෙරළේ සිහි සුන් වී සිටියදී හමුවුණ ඒ අම්මයි තාත්තයි මැරිලා…

    172 shares
    Share 69 Tweet 43

Highlights

හෙට හෝ අනිද්දා විදෙස් මැදිහත් වීමකින් ගහනවා කියන බෝම්බය ගැන අනුර රජයෙන් ප්‍රශ්න කරයි…

කෝටි 19ක රන් බිස්කට් ස්වර්ණාභරණ සහ විදේශ මුදල් කටුනායක දී කොටු…

බඩගින්න…

ගෝල්ෆේස් අරගලයේ අනුරුද්ධ බණ්ඩාර සහ ඩිලාන් සේනානායක යළි සී.අයි.ඩී කැඳවයි…

බඩගින්නෙන් බේරෙන්න ඉන්දියාවට පලා ගොස් වෙරළේ සිහි සුන් වී සිටියදී හමුවුණ ඒ අම්මයි තාත්තයි මැරිලා…

මුලතිව් වෙරළට ගොඩ ගැසූ දූර්ලභ දැවැන්තයා…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

ලංකාව ආර්ථික මරණ මංචකය මත… ලෝ ප්‍රකට ආර්ථික විද්‍යා මහාචාර්ය ස්ටීව් හන්ක් නිවේදනය කරයි…

by editor
ජූලි 4, 2022
0

ලෝකයේ දෙවැනි උද්ධමනය වැඩි රට ලෙස...

ඉන්ධන ගැනීම සහ බෙදීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන්   නීතිපතිට නියෝගයක් !

by Lanka Sara Editor
ජූලි 4, 2022
0

ඉන්ධන බෙදා හැරීමේ දී ප්‍රමුඛත්වය දිය...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist