සංචාරක ඕස්ට්‍රෙලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරඟයේ ශ්‍රී ලංකා ඉනිම නිමා වී තිබේ.
කාසියේ වාසිය දිනාගෙන පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිට පන්දුවාර 50 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 300 ක් ලබා ගැනීමට සමත් වී ඇත.
ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 301 ඉලක්කයක් හිමි වී තිබේ.
විශිෂ්ට ආරම්භයක් ලබා ගත් පැතුම් නිශ්ශංක සහ ධනුෂ්ක ගුණතිලක පළමු කඩල්ල වෙනුවෙන් ලකුණු 115ක සම්බන්ධතාවයක් ගොඩනැගූහ. ධනුෂ්ක ගුණතිලක මුල් කඩුල්ල ලෙස ලකුණු 55කට දුවද්දී දැවී ගියේය. ඔහු පන්දු 53ක දී සිය ලකුණු 55 වාර්තා කළේය.
පැතුම් නිශ්ශංක පන්දු 68ක දී ලකුණු 56ක්, කුසල් මෙන්ඩිස් පන්දු 87ක දී හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමග ලකුණු 86ක් චරිත් අසලංක පන්දු 42ක දී ලකුණු 37ක් වනිඳු හසරංග හතරේ පහර 6ක් සමග පන්දු 19ක දී ලකුණු 37ක් ලබාගෙන තරගය ගෞරවාන්විත ඉලක්කයක් වෙත රැගෙන ගියහ.
පන්දු යැවීමේ දී ජොස් හසෙල්වුඩ්, ජේයි රිචඩ්සන්, එක කඩුල්ල බැගින් ද, ඇෂ්ටන් ආගර් සහ මානස් ලෙබුස්චාග්න් කඩුළු දෙක බැගින්ද බිඳ හෙළූහ
Discussion about this post