බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඔවුන් කැමති කෙනෙකුට එරෙහිව අපේ වාහනයේ හෝන් එකක්වත් ගහන්නට බැරිය….

by editor
අප්‍රේල් 30, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

චීන ආරක්ෂක අමාත්‍යවරයා මෙරට සංචාරය සඳහා පැමිණි අවස්ථාවේදී පූර්ව දැනුම් දීමකින් තොරව පොලීසිය මාර්ග වසා දැමුවේ රාජ්‍ය නායකයෙක් මෙරට සංචාරය කරන අවස්ථාවකදී මෙන් අතුරු මාර්ග සියල්ලක්ම මුද්‍රා තබමිනි. අඩුම තරමින් පා ගමනින් වත් පුද්ගලයෙකුට මාර්ගය හරහා ගමන් කිරීමට ආරක්ෂක අංශ ඉඩ දුන්නේ නැත.

චීන ආරක්ෂක ඇමතිවරයා රැගත් යානාව ඉක්තු 27 වෙනිදා රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළය ගොඩබස්වා ඔහු ගුවන් යානයෙන් පිටතට අඩිය තැබූ මොහොතේම ඔහු කටුනායක සිට කොළඹ නවාතැන් ගන්නා හෝටලය වෙත ගමන් ගන්නා සියළුම මාර්ග සෙසු වාහන ධාවනයට වසා දැමුවේය. මාර්ගයේ ගමන් කිරීමට අවසරය හිමිවන්නේ චීන ආරක්ෂක ඇමතිවරයාගේ රථවාහන සහ ඔහුගේ ආරක්ෂක රථවලට පමණි.

පූර්ව දැනුම්දීමකින් තොරව සිදුවූ මෙම මාර්ග වසා දැමීම ගැන කිසිවක් නොදත් බොහෝ අය සිතුවේ ජනාධිපති හෝ අගමැතිවරයා හෝ අපේ රටේ ඇමතිවරයෙක් වෙනුවෙන් මෙසේ මාර්ගය වසා දමා ඇති බවකි. පොලීසිය සමග ගැටීමට නොහැකි නිසා බොහෝ රියදුරන් මාර්ගය දැන් විවෘත කරනු ඇතැයි සිතමින් පොලීසියටද අම්මා මුත්තා නොමැතිව හිතෙන් බැන වදිමින් සිටියහ.

එහෙත් බොරැල්ලේ සිරවී සිටි තරුණ රියදුරෙක්ට නම් විනාඩි 15 ක් 20 ක් ගිය තැන ඉවසුම් නොමැති විය. ඔහු දැඩිව පොලීස් නිලධාරීන්ට දෝෂාරෝපනය කරමින් සෙසු රියදුරන් පොළඹවන්නට වූයේ වාහනවල නලා නාදකරමින් විරෝධය දක්වන්නටය. එය ඔහු සජීවීව සිය මුහුණු පොත ඔස්සේ රටටම කීවේය. එදා මාර්ගය වසා දැමීමෙන් පීඩනයට ලක්ව සිටි රියදුරන් සිය ගණනක් නලා නාදකරමින් පොලීසියට සිය විරෝධය දැක්වූයේ ඔහුගේ බහට අවනත වෙමිනි.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

දැන් චීන විදේශ ඇමති මෙරටින් පිටවගොස් දිනක් දෙකක් ගතවී හමාරය. සමාජ මාධ්‍යෙය් අර වීඩියෝව උණු කැවුම් මෙන් හුවමාරුවන්නේ සමාජය තුළ යම් කථිකාවතක්ද ඇතිකරමිනි. ඒත් එක්කම කළබලවන පොලිස් ලොක්කන් බොරැල්ල පොලීසියට නියෝගයක් දෙන්නේ අදාල තරුණයාව සොයා අත්අඩංගුවට ගෙන පොලිස් රාජකාරියට බාධා කළ බවට චෝදනා එල්ලකරමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටය.

ඒ අනුව බොරුල්ල පොලීසියේ නිලධාරීන් ඒ තරුණයා කවුරුන්දැයි සොයා ගත්තේය. 32 හැවරදි වියේ පසුවන එම තරුණයා බත්තරමුල්ල පැලවත්තේ පදිංචිකරුවෙකි. පොලීසිය ඊයේ 29 එම තරුණයාව අත්අඩංගුවට ගත්තේය. සොයා බැලීමකදී අනාවරණය වන්නේ වසර 10 කට වැඩි කායක් ඔහු ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබා මෙරටට පැමිණ සිටින්නෙක් බවය. රැකියාවක තවමත් නිරත නොවන ඔහු සිටින්නේ නැවතත් ඕස්ට්‍රේලියාව බලා යන්නටය. අද 30 මේ තරුණයාව පොලීසිය අධිකරණයට ඉදිරිපත් කරන්නට නියමිතව සිටින්නේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාවන්ටය. එම චෝදනාවට ඔහු වරදකරුවුවහොත් සිදුවන්නේ ඕස්ට්‍රේලියා යාමේ අවස්ථාව ඔහුට අහිමිවී යාමය.

එහෙත් කිසිම පූර්ව දැනුම් දීමකින් තොරව ප්‍රධාන මාර්ගයක් වසා දමන්නේ කෙසේ දැයි ඔහු පොලිසියෙන් ප්‍රශ්න කරන්නේය.  මේ තර්කය හමුවේ පොලිසිය ද නිරුත්තරය.

පොලිස් පොඩ්ඩන්ට කළ හැකි දෙයක් නැත. ඔවුන්ට සිදුව ඇත්තේ තමන්ට ඉහළින් ලැබෙන අණ පිළිපදින්නටය.  නීතිය ඔවුන්ට අවශ්‍ය හැටියටය.

තමන් විරෝධය පලකළේ චීන ආරක්ෂක ඇමතිට බව පාරේ හිර වී සිටි මිනිසුන් දැනගෙන සිටියේ නැත.  එහෙත් ඒ විරෝධය දැක්වූයේ චීන අගමැතිට බව මේ රටේ ලොක්කන් හිතනවා නම්… ඔවුන් කැමති කිසිවෙකුට එරෙහිව අපට අපේ වාහනයේ හෝන් එකවත් ගහන්නට බැරිය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රෝහල් ඇඳක් නොමැතිව රෝගියෙක් නිවසේම මිය ගිහින් !

Next Post

සුමන්තිරන් රිය අනතුරකට ලක් වෙයි… කිසිවෙකුට කරදරයක් නෑ….

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.