ඊයේ (නොවැ 19) පැවති මාධ්‍ය හමුවකදී ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් කරන ලද චෝදනා පදනම් විරහිත සහ ද්වේශ සහගත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත්කරමින් සදහන් කරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියා සිටියේ අමාත්‍යවරයාගේ ප්‍රකාශ ද්වේශ සහගත බවින් යුක්ත වන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතුවලට අදාළව පවතින සහ මතුවෙමින් පවතින කරුණු කෙරෙහි අනවශ්‍ය බලපෑමක් ඇති කරමින් මහජනයා උසිගැන්වීම සඳහා සැලසුම් කර ඇති බවය.
ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස රොෂාන් රණසිංහට ICC මව් සංගමයේ සහ ඊට අනුබද්ධ සාමාජිකයින්ගේ කටයුතු සම්බන්ධ සංකීර්ණතා පිළිබඳ පුළුල් අවබෝධයක් නොමැති බව පෙනෙන්නට ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් පවසයි.
විශේෂයෙන්ම සැලකිය යුතු කරුණක් වන්නේ ICC අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ICC ප්‍රඥප්තියේ 5 වන වගන්තියේ දක්වා ඇති අරමුණු වලට ගරු කිරීමට සහ ඉදිරියට යාමට බැඳී සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා පෙන්වා දෛයි.
ක්‍රීඩා අමාත්‍යවරයාගේ ඉදිරි ක්‍රියාමාර්ග හේතුවෙන් නියම කර ඇති වගකීම් ඉටු කිරීම අනතුරට ලක්විය හැකි බවට විශ්වාස කිරීමට හේතු ඇති විට, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ඇතුළු සෑම ICC අධ්‍යක්ෂවරයෙකුටම පවතින තත්ත්වය දැනුම් දීමට බැඳීමක් ඇති බව පැහැදිලි කිරීම අත්‍යවශ්‍ය බව ද ක්‍රිකට් ආයතනය පවසයි.
එම නිවේදනය සම්පූර්ණයෙන් මේසේය.