සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඔබට රෝගීන් පිළිබඳ සහකම්පනයක් නැද්ද?… මේ අසාධාරණ වර්ජනය යළි කැඳවන්න… සෞඛ්‍ය ඇමති GMOA එකෙන් ඉල්ලයි!

by editor
මාර්තු 12, 2025
in පුවත්
Nalinda
Share on FacebookShare on Twitter

පැය 36ක් ගතවීමට පෙර දූෂකයා අත් අඩංගුවට ගෙන සෞඛ්‍ය කාර්යමණ්ඩලවල ආරක්ෂාව සහ පහසුකම් සැලසීම සම්බන්ධව රජය තීරණාත්මකව මැදිහත් වී ඇති මොහොතක තමන්ට වැටුප් ගෙවන බදු ගෙවන ජනතාව සම්බන්ධව සහකම්පනයක් වෛද්‍යවරුන්ට තිබිය යුතු බවත්,  දැනට වෛද්‍යවරුන් ක්‍රියාත්මක කර ඇති අසාධාරණ වැඩ වර්ජනය නැවත කැඳවන ලෙස ජනතාව වෙනුවෙන් කාරුණිකව ඉල්ලා සිටින බවත් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස අද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලා සිටියේය.

ඔහු පෙන්වා දුන්නේ මුලින් ඉදිරිපත් කළ කොන්දේසි ඉක්මවා ගොස් හිටි හැටියේ ඊයේ කැඳවූ පැය 24ක වෛද්‍යවරුන්ගේ වර්ජනය කිසිසේත්ම යුක්ති සහගත නොවන බවය.

ඇමතිවරයා අද පාර්ලිමේන්තුවේ දී මෙසේ පැවසීය.

” දිවයින පුරා පැය 24ක වෛද්‍ය  වැඩ වර්ජනයක් කැඳෙව්ව  වෘත්තීය සමිතිය කලින් කිව්වේ අද උදේ වෙනකොට අත් අඩංගුවට ගත්තේ නැතිනම්   උතුරු මැද පලාතේ වර්ජනයක් ක්‍රියාත්මක කරනවා කියලා. ඒකත් වුනේ නැතිනම් තමයි රට පුරා වර්ජනයක් දියත් කරනවා කිව්වේ.”

“නමුත් ඊයේ රෑ හදිසියේ දැනගන්න ලැබුණා රට පුරා වෛද්‍ය වැඩ වර්ජනයක් පවත්වනවා කියලා. එකෙන් මම හිතනවා මේ වනවිට රෝගීන් බරපතල විදිහට පීඩාවට පත් වුනා. දුර බැහැර ඉඳලා රෝහල්වල සායනවලට ප්‍රතිකාර ගන්න එනකොට ඕපිඩීවලට එනකොට පාන්දර බස්වල නැගලා ඇවිත් තියනවා. ඒ අයත් අපහසුතාවයට පත් වෙලා තියනවා.”

RelatedPosts

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

“රජයක් ලෙස මේ සිදුවීම ඉතාම බැරෑරුම් හැටියට සලකලා ක්‍රියාමාර්ග ගනිමින් සිටියදීම මේ පැය 24ක වර්ජනයක් දියත් කිරීම යුක්ති සහගත නෑ. විශේෂයෙන්ම මේ සැකකරු අත් අඩංගුවට ගත්තට පස්සේ ඒ වැඩ වර්ජනය යළි කැඳවීමේ නතර කිරීමේ හැකියාව තිබුණා.

අපි සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව ගැන කල්පනා කරනවා වගේම අපෙන් ප්‍රතිකාර ලබා ගන්නා අපට බදු ගෙවලා වැටුප් හැටියට අපිට ඒවා ලබා දෙන ජනතාව සම්බන්ධවත් අපි සහ කම්පනයෙන් කටයුතු කළ යුතුයි. ජනතාව නිසා තමයි මේ රට ඉස්සරහට යන්නේ. මේ වැඩ වර්ජනය කැඳවීමට හැකියාවක් තියනවා නම් නැවත කැඳවන්න. මේ කාලය අරගත්තේ වෙන මුකුත් නිසා නොවෙයි,  මේ රටේ මේ රජයේ රෝහල්වලට එන රෝගී ජනතාව සම්බන්ධව කම්පනයක් අපට තියෙන්න ඕන. අපි මේ සියලු වෛද්‍ය වෘත්තිකයින් හැටියට ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව සහාය ලබා දෙමින් ඒ සඳහා රජය මැදිහත් වෙමින් සිටින වෙලාවක මේ වැඩ වර්ජනය යුක්ති සහගත නෑ කියන එක මම ඒ අයට කියන්න කැමතියි.

අපිත් එක්ක සාකච්ඡා කරලා තීන්දු ගන්න පුලුවන්. ඔබට දැනෙන්න ඕන අප කරන වැඩවල විශ්වාසනීයත්වය. ඒ නිසා මේ වැඩ වර්ජනය නතර කරලා මේ සේවාව අපේ රටේ මහජනතාවට ලබා දෙන්න කියලා මා ඉල්ලා සිටිනවා.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අවුරුදු ගණනක් අනුරාධපුර රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වැඩ බැරි දේශපාලන හෙංචයියා කළ හරිය!

Next Post

අපේක්ෂා රෝහලේ විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර 5න් 03ක් දින 02ක් තුළ බිඳ වැටෙයි… දිනකට රෝගීන් 250කට ප්‍රතිකාර නවතී!

Related Posts

පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!
  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.