උඩරට එළවළු මිල ගණන් මේ වන විට 100%කින් ඉහළ ගොස් ඇතැයි එළවළු වෙළෙන්දෝ කියා සිටිති.
සෑම එළවළු වර්ගයකම පාහේ කිලෝවක සිල්ලර මිල රුපියල් 300ත් 700ත් අතර මිලක් දක්වා වැඩි වී තිබේ.
දැනට මාසයකට පමණ ඉහතදී එළවළු මිලෙහි යම් අඩුවීමක් පැවැතියද සති දෙකක පමණ සිට එළවළු මිල යළි වැඩි වෙමින් තිබේ.
එළවළු තොග වෙළෙඳපොළට ලැබීම අඩුවීම නිසා මෙලෙස එළවළු මිල ඉහළ ගොස් ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන නිලධාරීහු පවසති.







