නැගෙනහිර පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මූලස්ථානයට මාරුකර තිබේ.
සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙස පොලිස් සේවයට එක්වූ දින සිට රාජ්‍ය බුද්ධ සේවයේ සේවය කළ ඔහු පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ දී රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස ද සේවය කළේය.
නිලන්ත ජයවර්ධන නැගෙනහිර පළාත් භාර පොලිස් ප්‍රධානියා ලෙස පත් කෙරෙන්නේ වත්මන් ආණ්ඩුව මගිනි.
නිලන්ත ජයවර්ධනව හදියේම නැගෙනහිරින් මාරු කෙරන්නේ ඇයි දැයි පැහැදිලි නැතත් ඒ වෙනුවට වැඩ බැලීමට පත් කරන්නේ උතුරු පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පද්මසිරි මුණසිංහය.
නිලන්ත ජයවර්ධනගේ ස්ථානමාරුවීම අද 20 සිට ක්‍රියාත්මක වීමට නියමිතය.
Discussion about this post