හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අල්ලස් කොමිසම විසින් අද (4) පෙරවරුවේ අත්අඩංගුවට ගත්තේය.
2015 ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 25ක් වටිනා බඩඉරිඟු බීජ හිතවතුන්ට බෙදාදීමේ සිද්ධියකට අදාළව සිදුකරන විමර්ශයේ ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අද පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවට කැඳවීමෙන් පසු ඔහුව අත් අඩංගුවට පත් විය.
ඔහු අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.







