ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ කටයුතු අත්හිටුවමින් අතුරු තහනම් නිකුත් කිරීමේ සිද්ධියට අදාළ නඩු විභාගයෙන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න අද (14) ඉවත්වුණි.
මෙම නඩුවට අදාළව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ගොනුකළ මෝසම අද (14) අභියාචනාධිකරණය සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විකුම් කළුආරච්චිගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ, මෙම නඩුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා විමසීම සම්බන්ධයෙන් තම සේවාදායකයා විරෝධය පළ කරන බවය.
එහිදී සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සඳහන් කළේ, පසුගිය දිනවල ක්‍රීඩා අමාත්‍යවරයා, ඇතැම් අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තමන් සම්බන්ධයෙන් අසාධාරණ විවේචන එල්ල කිරීම හේතුවෙන් තමන් මෙම නඩු විභාගයෙන් ඉවත්වීමට තීන්දු කළ බවය.
ඒ අනුව අදාළ පෙත්සම විභාගය සඳහා වෙනත් විනිසුරු මඩුල්ලක් ඉදිරියට යොමු කිරීමටද තීන්දු වුණි. – දෙරණ