බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එම්බල ස්‍බ්‍රි! ඓතිහාසික යනු කිමැයි?

by editor
මැයි 6, 2022
in පුවත්
colum
Share on FacebookShare on Twitter

මුදල් ඇමති සබ්‍රි පාර්ලිමේන්තුවේදී ඓතිහාසික බඩු ලැයිස්තුවක් ඉදිරිපත් කළේය.

“අපි වෙලාවට IMF නොගිය එක ඓතිහාසික වැරැද්දක්. පොහොර නොගෙන්නපු එක ඓතිහාසික වැරැද්දක්. බදු අඩු කිරීම ඓතිහාසික වැරැද්දක්”

සමහරු එය ඓතිහාසික කතාවක් ලෙස නම් කළහ. මුදල් ඇමතිගේ කතාවේ අන්තර්ගතයට අනුව අපට ඓතිහාසික ලෙස කෙළවීමට නියමිතය. අනතුරුව කතා කිරීමට මංත්‍රී හර්ෂ නැගී සිටි විට මුදල් ඇමති පුටුවටත් නොකියා සභාගර්භයෙන් පළා ගියේය.

මෑතක සිට මුදල් ඇමතීන් පාර්ලිමේන්තුවේදී හා ඉන් පිටතදී හැංගිමුත්තන් සෙල්ලම කිරීම ද ඓතිහාසිකය.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

එම්බල සබ්‍රි! ඓතිහාසික යනු කිමැයි?

ඉතිහාසය වෙනස් කිරීමට තරම් ඓයින්ද්‍රීය විභවයක් ඇති කාරණා හෝ සිද්ධි වලට අපි ඓතිහාසික යැයි කියමු.

රාජාණ්ඩු ක්‍රමය හා පවුල් බලය බිඳ වැටී යටත් විජිතවාදී බ්‍රිතාන්‍යට 1815 දී රට නතු වීම ඓතිහාසික සිද්ධියකි. ඊට අවුරැදු දෙසීයකට පසු යළිත් රට පවුල් පාලනයකට නතු වීමත් ඓතිහාසික සිද්ධියකි.

පෘතුගීසි, ලංදේසි, ඉංග්‍රිසින් ගෙන් පසු මේ රට නැවත වෙන්දේසීන් විසින් යටත් කර ගැනුමත් ඓතිහාසික සංසිද්ධියකි.

දේශපාලකයන්යැයි කියා ගන්නා තක්කඩින් වටා තවමත් ජනතාව එක් රොක් වී සිටීම ඓතිහාසිකය. උන් කියනා සම්ප්‍රප්ප්‍රලාපයන්ට ජනතාව සවන් දීමත් 74 වසරක් තිස්සේ ඒවා විශ්වාස කිරීමත් ඓතිහාසික මෝඩකමකි.

නූතන යුගය තුළ සියවසක් ගෙවී ගියත් රටේ ජනතාවට දේශපාලනය හෝ මානව අයිතීන් පිළිබඳ දැනුමක් නොමැති වීම ඓතිහාසික නූගත්කමකි.

2015 දී අසමත්යැයි බලයෙන් නෙරපා දැමූ ආණ්ඩුවක් රට, ජාතිය, ආගම බේරා ගැනීමට යැයි කියා 2020  දී නැවත බලයට පත් කර ගැනීම ඓතිහාසික විහිළුවකි.

රාජ්‍ය පාලනය පිළිබඳ මෙලෝ දානයක් නොදන්නා, මීඩියා කැම්පේන් වලින් පුම්බා නිර්මාණය කරන ලද බැලුම්බෝල චරිතයකට මුලා වී, හැට නවලක්ෂයකගේ ඡන්දයෙන් රාජ්‍ය නායකයා තෝරා පත් කර ගැනීම ඓතිහාසික වැරැද්දකි.

කොමිස්කාරයන්, හොරැ, තක්කඩි, මාලකඩන්නන් හා කසිප්පු මුදළාලිලාගෙන් සමන්විත පිරිසකට තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් ලබා දීම ජනතාපරමාධිපත්‍ය රෙද්ද පල්ලෙන් බේරැණු ඓතිහාසික සංසිද්ධියකි.

පල් හොරෙකු මහබැංකු අධිපතිකමට පත් කරීම ද ඓතිහාසිකය.

අලි බබා සහ හොරැ 40++ විසින් රට පාලනය කිරීම ද ඓතිහාසිකය.

අඩු පොළියට ණය ලබා ගැනීමේ හැකියාව තිබියෙදී පුද්ගලික වාසි තකා චී-ණයෙන් වැඩි පොළියට ණය ගැනීම ඓතිහාසිකය. ලබා ගත් ණය රට සංවර්ධනට වඩා අවවර්ධනයටත් තම වර්ධනට යෙදීම ඓතිහාසිකය. දේශපාලනය රැකියාවක් නොවී අධික ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත් වීම ඓතිහාසිකය.

“රට බංකොලොත් වෙන්නයි යන්නේ” කියමින් වසර ගණනක් මොරදුන් අනුර කුමාර, හර්ෂ, රනිල් ආදී මන්ත්‍රීන්ගේ කතාවලට කෝචොක් දමමින් සිටීම ද ඓතිහාසිකය. නිකම්ම නොව එය ඓතිහාසික අමන කමකි. ඓතිහාසික උද්දච්චකමකි. ඓතිහාසික තකතීරැකමකි.

මේ රට පාලනය කළ කිසිදු ආණ්ඩුවකට නොහැකි වූ ලෙස රට නිලවශයෙන් බංකොළොත්භාවයට ඇද වැටීමට සැලැස්වා ආණ්ඩුව තවමත් චූන්එකේ සිටීම ද ඓතිහාසික සංසිද්ධියකි.

මිනිසුන්ගේ මූලික අවශ්‍යතා ඉටු කර ගත නොහැකි දුර්දාන්ත සමයක් උදාවීම මේ සියළු ඓතිහාසික තීරණවල පාරප්‍රාප්තියයි.

එවන් ආණ්ඩුවක් ගෙදර යැවීමට ඡන්දයක් එනතෙක් තව අවුරැදු දෙකහමාරක් බලාසිටීමට සිදු වුවහොත්, එය ඓතිහාසික දුකකි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

CIDA එකට පත් වූ වියත් සභාපති ආයතනය ලෙඩ කරයි ! සේවකයන්ගෙන් රජයට පැමිණිල්ලක්

Next Post

පන්නන්න ගොස් රේගුවට අසුවූ ඩොලර් මහින්දගේ අණින් නිදහස් කළ හැටි විගණනයෙන් හෙළි වේ…

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.