අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

CIDA එකට පත් වූ වියත් සභාපති ආයතනය ලෙඩ කරයි ! සේවකයන්ගෙන් රජයට පැමිණිල්ලක්

by Lanka Sara Editor
මැයි 6, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සේවක සේවිකාවන්ද පීඩනයට පත් කර සිය හිතුමනාපයට කටයුතු කරමින් ආයතනයේ මුදල් අවභාවිතා කරන ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය සොහාන් විජේසේකර මහතා එම තනතුරෙන් පහ කරන ලෙස රජයට පක්ෂපාතී වෘත්තීය සමිති ඇතුළු වෘත්තීය සංගම් රජයෙන් ඉල්ලා සිටියි.

1986 දී ලෝක බැංකු ආධාරයෙන් ලෙස ආරම්භ වූ ආයතනය 2014 දී ඉදිකිරීම් හා කර්මාන්ත සංවර්ධන අධිකාරිය (Construction and Industry Development Authority –CIDA))  ලෙසින් නව මානයකින් කටයුතු අරඹා ඇති අතර ඉදිකිරීම් ක්ෂේත්‍රෙය් ප්‍රමිතිකරණය සහ වර්ගකරණය සිදු කිරීමේ ප්‍රමුඛතම ආයතනය ලෙස මෙය ක්‍රියාකරයි .

මෙම ආයතනයේ ඉහළම කළමනාකාරීත්වය ඇතුළු සමස්ත සේවක පුජාවම එහි සුපුරුදු ක්‍රියාතමක රිද්මය  2020 පෙබරවාරි 06 වැනිදා එහි සභාපති තනතුරට මහාචාර්ය සොහාන් විජේසේකර මහතා පත් කිරීමත් සමඟ වෙනස් ව ඇති බව සේවකයෝ සඳහන් කරති. සභාපති තනතුරට පත්  පුද්ගලයා මොරටුව විශ්ව විද්‍යාලයයේ ඉංජිනේරු මහාචාර්යවරයකු වන අතර ඔහු හොඳ අධ්‍යයන පසුබිමක් සහිත පර්යේෂකයකු ලෙස ප්‍රකට පුද්ගලයකු වුවද ආයතන පරිපාලනය සහ කළමනකරණය සම්බන්ධයෙන් පවතින අත්දැකීම් නොමැතිකමත් තමන් පවසන දේ පමණක් නිවැරදි මතයයි පිහිටා කටයුතු කිරීමත් නිසා මෙම අවුල් ජාලය නිර්මාණය වී ඇති බව ඔවුහු පෙන්වා දෙති.

“මට වඩා කෙනෙක් නැතැයි සිතන සභාපතිවරයා ආයතනයේ පාලනයට අනවශ්‍ය ලෙස ඇඟිලි ගසමින් ඉහළ කළමනාකාරීත්වය ඇතුළු සමස්ත සේවකයින් වෙහෙසට පත් කරයි. ඔහුගේ අභිමතය පරිදි සකස් කර ගන්නා ලද ව්‍යාපෘති පෙන්වමින් රජය නොමඟ යවයි..”

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

සේවක සංගමයන් ආණ්ඩුවට ලිපි යොමු කරමින් පවසා තිබේ.

එසේම ආයතනික සම්පත් අරපිරිමැස්මෙන් යුතුව කළමනාකරණය කළ යුතුව පවතින පසුබිමක් තුළ සභාපතිවරයාට කෝටි ගණනක් වටිනා නිල වාහනයක් වෙන් කර තිබියදී එය නිවසේ තබා ආයතනයේ වෙනත් සුඛෝපභෝගී රථයක් භාවිතා කරන බවත් නිල රථයට මුදල් හා අනෙක් රථයට ඉන්ධන ද ලබා ගන්නා බවත් ඔවුහු සඳහන් කරති.

ආයතනයේ අලුත්වැඩියා කටයුතු තිබියදී ඒවාට මුදල් වෙන් නොකොට අනවශ්‍ය ලෙස මුදල් භාවිත කළ බවට චෝදනා එල්ල ී ඇති අතර එහි ආයතනික පටිපාටියට බාහිරව කටයතු කරන සෙ ඇතැම් නිලදාරීන්ට බලපෑම් කරන අතර තම අන ක්‍රියාත්මක නොකරන ඉහළ කළමනාකාරීත්වයේ නිලදාරීන්ට පවා දැඩි පීඩනයක් එල්ල කරන බව ට ඔහුට චෝදනා එලල් වී තිබේ.  සිය කාර්යයන්ට බාධාවක් වෙන නිළධාරීන් ධූරවලින් පහ කිරීම වංචා දූෂණ සිදු කරන නිළධාරීන්ට වරප්‍රසාද ලබා දීම අධ්‍යක්ෂ මානව සම්පත් හා පරිපාලන ධුරයේ සිටි කාන්තාවකට පරුෂ වචනයෙන් බැණ වැදී ඉල්ලා අස්වෙන තත්ත්වයට පත් කිරීම වැනි චෝදනා ගණනාවක් විජේසේකර මහතාට එල්ල වී තිබේ.

මේ සියලු චෝදනා සලකා බලා සභාපතිවරයා එම තනතුරෙන් ඉවත් කොට මින් පෙර සභාපති ලෙස කටයුතු කළ ආචාර්ය රවිහංස චන්ද්‍රතිලක මහතා එම තනතුරට යළි පත් කරන්න යැයි සේවක සංගම් ඉල්ලා ඇත.

මේ අතර මහාචාර්ය සොහාන් විජේසේකර මහතාට සිය ධුරයෙන් ඉවත්ව යන ලෙස බල කරමින් සේවක සේවිකාවන් ඔහුට විරුද්ධව උද්ඝෝසණයක ද වරක්  නියැලිණි. ඔහුගේ නිල කාර්යාලය වටලමින් ඔවුන් සිය විරෝධතාවය පළ කළ අතර මේ සම්බන්ධයෙන් සොයා බැලීමට විෂය භාර රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ආයතනය වෙත පැමිණියේය. මහාචාර්යවරයෙකු සභාපති ලෙස පත් කර ඇත්තේ ඉදිකිරීම් ක්ෂෙත්‍රයේ ඇති ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට බවත් ගැටලු ඇත්නම් සාකච්ඡා කර විසඳා ගත හැකි බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය. සති දෙකක් තුළ මේ සම්බන්ධයෙන් සොයා බලා ඉදිරි ක්‍රියා මාර්ග ගන්නා බවට පොරොන්දු වීමෙන් පසු පිරිස විසිර ගියහ.

එම සිදුවීමෙන් අනතුරුව මෙම උද්ඝෝෂණය මෙහෙයවූ සේවකයාව ධුරයෙන් පහ කළ බවට සභාපතිවරයා ලිඛිත වාර්තාවක් මඟින් දැනුම් දුන්නේය. නිසි අවසරයක් නොමැතිව සභාපතිවරයාගේ නිල කාමරයට කණ්ඩායමක් ලෙස බලහත්කාරයෙන් ඇතුල් වීම  මාධ්‍ය ප්‍රකාශන නිකුත් කර රාජ්‍යසේවය හා අධිකාරිය අපකීර්තියට පත් කිරීම සභාපතිවරයාගේ නිල කටයුතුවලට බාධා කිරීම  සභාපතිවරයාගේ ජංගම දුරකථනය බලහත්කාරයෙන් උදුරාගෙන එයට හානි කිරීම අධිකාරියේ සේවකයින් විනය විරෝධි කටයුතු කිරීමට පූර්වාදර්ශ සැපයීම වැනි චෝදනා ගණනාවක් එල්ල කරමින් එම සේවකයාගේ සේවය තහනම් කර ඇති බවටද ඔවුහු චෝදනා කරති.

මේ තත්ත්ව මත මේ වනවිටත් ආයතනයේ නිලධාරීන් ගණනාවක් සේවයෙන් ඉවත්ව ගොස් ඇති අතර එම තත්ත්වය තවදුරටත් පැවතුණහොත් මෙම ආයතනයේ මානව සම්පත තවදුරටත් පිරිහී යාමට ඉඩ ඇති බවට සේවකයෝ අනතුරු අඟවති.

Share69Tweet43
Previous Post

මැරෙන්න වැටුණු  රටට බංගලිදේශයෙන් යළිත් බෙහෙත් ආධාර..

Next Post

එම්බල ස්‍බ්‍රි! ඓතිහාසික යනු කිමැයි?

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.