බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එන්නත් කුප්පිවලින් අපූරු විදුලි පහනක් හැදූ හෙදියක්

by Lanka Sara Editor
සැප්තැම්බර් 11, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලෝරා වෙයිස් අමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ සිටින විශ්‍රාමික හෙදියකි. කොරෝනා වසංගතය හේතුවෙන් ඇයට තාවකාලිකව තම විශ්‍රාමික දිවියෙන් ඉවත් වීමට සිදුවූයේ කොරෝනා ආසාදිතයින් ට ප්‍රතිකාර කිරීම සඳහා ඇයට ද සහභාගි වීමට අවස්ථාව ලැබීම නිසයි.

ඇයට අවශ්‍ය වූයේ මෙම වසංගතයේ අඳුරට මද ආලෝකයක් ලබා දීමට ය.

තම ප්‍රජාවට COVID-19 ට එරෙහිව දහස් ගණන් පුද්ගලයින් එන්නත් කිරීමට සගයන්ට උපකාර කිරීම සඳහා ඇය සිය දායකත්වය දැක්විය.

ඒ කාර්යය ද මනාව නිම කරන ඇය ලැබෙන අස්වැසිල්ලෙන් සුවපත් වන රෝගීන් දෙස බලා ලබන සතුට සමරනු ලැබුවේ හිස් වූ එන්නත් කුප්පි විශ්මය ජනක විදුලිපහනක් බවට පත් කරමිනි.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

වසංගතයේ ඉදිරි පෙළේ සෞඛ්‍ය සේවා සේවකයින්ට සහ එන්නත ලබා ගැනීමට කැමති වූ කොලරාඩෝ හි සියලුම මිනිසුන්ට ගෞරවයක් වශයෙන් ඇය එය හැඳින්වෙන්නේ ‘ප්‍රශංසාවේ ආලෝකය’ ලෙස ය.

මේ වසරේ පෙබරවාරි සහ ජුනි මාසවලදී තමා සහ සගයන් විසින් පුද්ගලයින් 17,000 කට පමණ එන්නත් ලබා දුන් බව ලෝරා පවසයි. උච්චතම අවස්ථාව වන විට ඔවුන් දිනකට මිනිසුන් 1000 ක් පමණ එන්නත් කරමින් සිටියහ.

මෙම එන්නත් කුප්පි ගෙදර ගෙන යාමට අවශ්‍ය අවසරය ලබා ගැනීම සඳහා නිලධාරිවාදී පොරබැදීමක් සිදු වූ නමුත් අවසානයේ ඇය එයට කැමැත්ත ලබා ගත්තාය. ඇය සෑම බෝතලයක්ම පිරිසිදු කර, පසුව ඩොලර් 20 කට සොයා ගත් පැරණි චැන්ඩ්ලියර් රාමුවකට සවි කළාය.

අවසාන නිශ්පාදනය දැන් ඇගේ විසිත්ත කාමරයේ එල්ලෙමින් තිබේ. එය මීටර් 1.2 ක් පමණ උස සහ පළල මීටර් 0.9 ක් වන අතර හිස් මොඩර්නා බෝතල් 217 කින් සමන්විත වේ. ඉතා කුඩා ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කුප්පි දුසිම් ගණනක් ද එහි ඇත.

ඊළඟ විදුලි පහන ලෙස ඇය කුමක් කරයිදැයි ලෝරාට විශ්වාස නැත.

කෞතුකාගාර සහ වෛද්‍යවරුන්ගේ කාර්යාල ඇතුළුව ඒ සඳහා උනන්දුවක් දක්වන ආයතන කිහිපයකින් ඇයට මේ වන විටත් මෙම නිර්මාණය ඉල්ලා ඇමතුම් ගලාගෙන එයි. මෝඩර්නා හි නිෂ්පාදකයින් පවා ඇයව සම්බන්ධ කර ගෙන මේ පිළිබඳ ප්‍රශංසාව පළකර ඇත.

“එය පිටුපස ඇති අභිප්‍රායයට ගෞරව කරන තැනකට එය යාම මට වඩා වැදගත් ය.” ලෝරාගේ පිළිතුර එයයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බිස්නස් කාරයින් සහ ප්‍රතිරූප හදාගන්නන් එක්ක වසංගත පාලනය කරන්න බෑ…

Next Post

ක්‍රියාත්මක නොකළ ව්‍යාපෘතියකට ග්‍රාමිය ආර්ථික කටයුතු අමාත්‍යංශය පුද්ගලික සමාගමක් සඳහා ලක්ෂ ලක්ෂ 130ක් ගෙවලා…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.