බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“එක ආගමකින්වත් එන්නත් ගන්න එපා කියා නෑ – මැදපෙරදිග රටවලුත් මුලින්ම එන්නත් ගත්තා”

Professor of Community Medicine Manuj Weerasinghe

by Lanka Sara Editor
සැප්තැම්බර් 27, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ් වසංගතයට එරෙහිව ප්‍රතිශක්තිය ලබා දෙන එන්නත් ලෝකයේ කිසිදු ආගමකින් දහමකින් විරෝධයක් දක්වා නැති බවත් ලෝකයේ එන්නත්කරණය සිදු කිරීමේදී මුලින්ම එන්නත් ලබා දුන් රටවල් අතර මැද පෙරදිග රටවල් ප්‍රමුඛවන බවත් කොළඹ විශ්ව විද්‍යාලයයේ ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳව මහාචාර්ය මනුජ් ක්‍රිෂාන්ත වීරසිංහ   පවසයි.

අද කොළඹ ජාතික සංවර්ධනය පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ මහාචාර්ය වීරසිංහ සඳහන් කළේ මෙම තත්ත්වය මත කිසිදු ආගමික මතවාදයකින් එන්නතක් ලබා ගැනීම කෙරෙහි බලපෑමක් සිදු කොට නැති බවයි. එය ලෝකය පුරාම අදහන සෑම ආගමකම පොදු ලක්ෂණයක් වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය. එන්නත්කරණය පිළිබඳව පවතින වැරදි මතවාද පිළිබඳ ව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඇමතූ මහාචාර්යවරයා තවදුරටත් මෙසේද පැවසීය.

“ ලෝකයේ වෛද්‍ය ක්‍රම රාශියක් තිබෙනවා. එයින් එක් එක් වෛද්‍ය ක්‍රමය තුළ එක් එක් අංග විශේෂයෙන් සාර්ථක වී තිබෙන බව අප පිළිගත යුතුයි. එයින් බටහිර වෛද්‍ය විද්‍යාව තුළ වඩාත් සාර්ථක ප්‍රතිකාර ක්‍රමවේදයක් වෙන්නේ එන්නත්කරණය. එය ඕනෑම වෛද්‍ය ක්‍රමයක් පිළිගන්නා සත්‍යයක්.“

“කොහොම වුණත් මේ එන්නත්කරණයට විරුද්ධව ලෝකයේ එදා මෙදාතුර විරෝධාකල්ප ගොඩ නැගුණා. එන්නත්කරණයේ ඉතිහාසය වසර 170ක් පමණ. මේ කාලය තුළ ලෝකයේ වැදගත් එන්නත් හඳුන්වා දුන් සෑම අවස්ථාවකම ඊට එරෙහිව ව්‍යාපාර විරෝධතා ගොඩ නැගුණා. විශේෂයෙන් වසූරිය, ගලපටලය, පිට ගැස්ම ජලභීතිකා එන්නත හඳුන්වා දුන් අවස්තාවලදී ඒවා විෂ සහිත  බව සඳහන් කළා. දැන් කොවිඩ් එන්නතින් පරිගණක චිප් ඇතුළු කරනවා වගේ කතා එදාත් කියවුණා.“

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

“ඔවුන් එහිදී විවිධ තර්ක යොදා ගන්නවා. දේශීය වෙද්‍ය ක්‍රමවලට සුදුසු නෑ කියල සමහරු කියනවා. නමුත් අද මෙරට භාවිත වන ආයුර්වේද, දේශීය සිද්ධ යුනානි ඇලෝපති මේ සෑම වෛද්‍ය ක්‍රමයක්ම බටහිර වෛද්‍ය විද්‍යාවෙන් දෙන මෙම එනන්නත්කරණය පිළිගන්නවා එම කිසිදු වෛද්‍ය ක්‍රමයක් එන්නතක් නිසා හෑල්ලු වනනේ නෑ “ යයිද පැවසීය.

මෙම එන්නත්කරණයට විරුද්ධ වන බොහෝ පුද්ගලයන්   ඒ පසුපස වාණිජ අරමුණක් සහ න්‍යායපත්‍රයක් ඇති බවත් මෑත කාලයේදී සමාජ මාධ්‍ය නාලිකා හරහා එන්නත් කෙරෙහි විරෝධයක් ගෙන ගිය එක් වෛද්‍යවරයෙක් පිළිබඳව සොයා බැලීමේදී ඔහු වෙනත් ඖෂධයක් විකිණීමේ අරමුණ ඇතිව මෙම විරෝධය ගෙන යන බවට සාක්ෂි හමුවූ බවත් මහාචාර්ය වීරසිංහ එහිදී තවදුරටත් සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හොර හරක් ජාවාරමක යෙදුණු පොලිස් නිලධාරියා අත්අඩංගුවට…

Next Post

වේලෙන උණවටුනට බලාපොරොත්තුවක් ගෙනා ජර්මන් සංචාරකයෝ….

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.