බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එක්ස්ප්‍රස් පර්ල් වන්දිය නොගත්තාට ජනාධිපතිටත් උසාවි යන්න වෙයි!

by editor
නොවැම්බර් 18, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොළඹ වරාය ආසන්න මුහුදේදී ගිනිබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නැවේ සිද්ධියෙන් වූ සමස්ත හානිය සඳහා  වන්දි ලබා ගැනීමට අවශ්‍ය පියවර නොගැනීම පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවත්වීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස ඉල්ලමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ   ඇතුළු වගකිව යුතු පාර්ශ්ව වගඋත්තකරකරුවන් කරමින් පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු ක්‍රියාකාරීන් කිහිප දෙනෙක් ඊයේ (17)   ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

පරිසර යුක්ති කේන්ද්‍රය, හේමන්ත විතානගේ, හර්මන් කුමාර සහ අරුණ රොෂාන්ත යන පෙත්සම්කරුවන් විසින් ගොනුකරන ලද මෙම සංශෝධිත මූලික අයිතිවාසිකම් පෙත්සම මගින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, ශ්‍රී ලංකා වරයා අධිකාරිය සහ එහි සභාපතිවරයා, වෙළඳ නැව් අධ්‍යක්ෂ ජනරාල්වරයා, හාබර් මාස්ටර්වරයා, මධ්‍යම පරිසර අධිකාරිය සහ එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේතුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, වරාය සහ නාවික අමාත්‍යවරයා, පරිසර අමාත්‍යවරයා, වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා, එක්ස්ප්‍රස් පර්ල් නැව් හිමිකාර සමාගම සහ එහි  නියෝජිතයන්, වනජීවී සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා, පොලිස්පතිවරයා, නීතිපතිවරයා සහ විශේෂයෙන් ම ජනාධිපතිවරයා ද වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

එක්ස්ප්‍රස් පර්ල් අනතුරෙන් පසු මාස ගණනක් ගතවී ඇතත් ප්‍රමාණවත් වන්දි මුදලක් අයකර ගැනීම  සඳහා අවශ්‍ය පරිසර හානි වාර්තා මෙන්ම සිදුවූ අනෙකුත් අලාභහානි පිළිබඳ වාර්තා සකස් කිරීමට රජයේ ආයතනය මගින් ගන්නා උත්සාහයන්ගේ ඇති ඇල්මැරුණු ස්වභාවය සහ සිදුවූ ප්‍රමාදයන් සම්බන්ධවත්,  විශේෂයෙන් ම වෙරළ පිරිසිදු කිරීම සහ අදාල පරීක්ෂණ වාර්තා සකස්කිරීමේ කටයුතු වල නිරත පාර්ශවයන්ට ප්‍රමාණවත් ගෙවීම සහ පහසුකම් ලබාදීමට කටයුතු නොකිරීමත්,  සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ප්‍රමුඛ අනෙකුත් වගකිවයුතු ආයතනවල තනතුරුධාරීන් තමන්ගේ රාජකාරිය නිසිලෙස ඉටු නොකර ඇතැයි යන චෝදනාත් මෙම පෙත්සම මගින් ඉදිරිපත්කර ඇත.

මේ සියළුම අංශ කෙරෙහි දැඩි අවධානයක් යොමුකර විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසත් පරිසරයට සිදුව ඇති හානිය, ධීවර ජනතාවට සිදුවූ හානි, සංචාරක කර්මාන්තයට සිදුවූ හානි මෙන් ම විශේෂයෙන් ම සමුද්‍ර ජීවීන්ට සිදුවූ හානීන් ද වායු දූෂණය සහ සමස්ත පරිසරයට සිදුවූ හානිය පිළිබඳව ද දීර්ඝ ලෙස විමර්ශනය කර ප්‍රමාණවත් වන්දි මුදලක් අයකරගැනීමට හැකි ඉක්මනින් කටයුතු කරන ලෙස සහ ඒ සඳහා සුදුසු නියෝග නිකුත් කරන ලෙස මෙම නඩුකරය මගින් පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා ඇත.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

දරවලට මාරුවෙන උතුරේ මිනිස්සු…

Next Post

 ඔන්ලයින් ඛේදවාචක… කාම වීඩියෝ බැලූ 14 හැවිරිදි සිසුවා 05 හැවිරිදි ඥාති සොයුරිය සමග අත්හදා බලලා…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.