දිනසේන රතුගමගේ –
ගෑස් හිඟයත් ගෑස්වල මිල ඉහළ යාමත් සමගම උතුරේ වැසියෝ දර භාවිතයට යොමු වෙමින් සිටිති.
එදිනෙදා ජීවිතය ගෙන යාම සඳහා පලන ලද දර පාපැදි වල හා යතුරු පැදිවල බැඳගෙන නිවසින් නිවසට ගොස් අලෙවි කළ දර වෙළෙන්දන්ට මීට පෙර දර මිටියක් අලෙවි කර ගැනීමට විශාල අපහසුවක්ව පැවතියද මේ දිනවල පා පැදියක ඇති දර මිටි සියල්ලම රුපියල් 1800කට හා යතුරු පැදියක දර තොගය රුපියල් 2500 කට අලෙවි කර ගැනීම එතරම් ප්‍රශ්නයක් වී නොමැත.
මීට පෙර දර අලෙවි කරන්නන් පාරිභෝගිකයින් සොයා ගොස් ඔවුන්ට කන්නලව් කොට දර අලෙවි කළද මේ දිනවල උතුරේ පාරිභෝගිකයෝ දර වෙළෙන්දන් සොයා පැමිණෙන්නට පටන් ගෙන සිටිති.