ශ්‍රියානි විජේසිංහ –
ඌරන්ගේ ශ්වසන පද්ධතිය හා ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව පැතිර යන porcine reproductive and respiratory syndrome (PRRS) මිනිසුන්ට හෝ වෙනත් සතුන්ට බෝ නොවන බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් ආචාර්ය හේමාලි කොතලාවල සඳහන් කරයි.
රෝගය පැතිරීම වැළැක්වීම සඳහා මේ වනවිට රෝගය පැතිර යන ගොවිපළවල්වල සහ ඒ ආශ්රිත ගොවිපළවල්වල ඌරන් එන්නත් කිරීම මේ වන විට ආරම්භ කර ඇති බව ඇය පැවසුවාය.
පශු ඖෂධ නියාමන අධිකාරිය තුළ ලියාපදිංචි කර ඇති එන්නත් සහ ඖෂධ මේ වන විට ලංකාවට ගෙන්වා ඇති අතර එය ඌරන්ට ලබාදීම ආරම්භ කර ඇතැයි අධ්යක්ෂ ජනරාල්වරිය ලංකාසර කළ විමසුමකදී පැවසුවාය.
රෝගය තදින් පැතිර නොයන ප්‍රදේශවල ඌරන්ගේ රෝග ලක්ෂණ සලකා බලා අවශ්‍ය ඖෂධ ප්‍රතිකාර පශු වෛද්‍යවරුන් මේ වන විට ලබාදෙමින් සිටින බවද ඇය කීවාය.
රෝගය වැළඳී ඇති ඌරන්ගේ මස් අනුභව කිරීම අනුමත නොකරන බවද ඒ පිළිබඳව අවධානයක් යොමු කරන ලෙසද ඇය මහජනතාවගෙන් ඉල්ලීමක් කළාය.







