බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උපදෙස් මරු… ඒත් ප්‍රමාද වැඩියි… ප්‍රතිව්‍යුගත ඩොලර් මිලියන 12.55න් 11.5ක් ගත්තේ යහපාලන රජය… එහි වගකීම් දැරූවන් දැන් අපට දෙන උපදෙස් කල් ඉකුත් වෙලා… ජනපති කියයි!

by editor
දෙසැම්බර් 18, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ණය ප්‍රතිව්‍යුගතකරණ ක්‍රියාවලිය සම්බන්දව ඊයේ පැවැත්වුණ විවාදයේ දී  බොහෝ අය උපදේශාත්මකව කථා කළ නමුත්    ප්‍රතිව්‍යුහගත කිරීමට ලක් කර තිබෙන ඩොලර් බිලියන 12.55න් ඩොලර් බිලියන11.5ක්ම ණයට ගෙන තිබුණේ  2015-2019 ආණ්ඩුව කාලයේ බවත්  ඊයේ ප්‍රකට කළ  උපදේශාත්මක හඬින් කතා කරන විද්වතුන්  ඔවුන් වගකීම් දරණ අවධියේ ඒ රජයේ ප්‍රධානීන්ට මේ උපදෙස් ලබා දුන්නා නම් රට බංකොළොත් නොවන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අද (18) පාර්ලිමේන්තුවේ දී කීවේය. 

“ඒ නිසා උපදෙස් ප්‍රමාද වැඩියි. නිශ්චිත මොහොතේ උපදෙස් ලබා දීම තමයි උපදේශවල තිබෙන වටිනාකම ඇති වන්නේ. ඒ නිසා දැන් ලබා දෙන උපදෙස් වලංගු වන්නේ නැහැ.” ජනාධිපතිවරයා පැවසුවේය.

අද පාර්ලිමේන්තුව තුළ විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානාය විසින් කළ සම්පූර්ණ කතාව පහත දැක්වේ.

ඊයේ දිනයේ ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීම පිළිබඳ පැය තුනක විවාදයක් පැවැත් වුණා. ඒ විවාදයේදී වර්තමාන ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම දක්වා වූ ගමන් මාවතත්, එහිදී අත්පත් කර ගෙන තිබෙන කාර්යභාරයන් පිළිබඳව විවාදයේදී සාකච්ඡා වුණා. එම නිසා මා දීර්ඝ පැහැදිලි කිරීමකට යන්නේ නැහැ. 2028 වන විට අපට ණය ගෙවීමට සිදුවෙනවා, ඊට පස්සේ අපේ රට නැවත බංකොලොත්භාවයට යනවා කියලා නැවත සමාජයේ මතවාදයක් ඇති කරන්න උත්සාහ කරනවා. 2028 තිබෙන්නේත් අපේ ආණ්ඩුව බව මතක තබාගන්න.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

මේ රට යළි කිසිඳු දිනක, අනාගතයේ, 2022 -23 වගේ තත්ත්වයක් අපේ රටේ යළි ඇති වීමට අප ඉඩ දෙන්නේ නැහැ.

අපේ අපේක්ෂාව තමයි 2028 වන විට අපේ විදෙස් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 15.1 දක්වා වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වනවා. අපට ශක්තිමත් විශ්වාසයක් තිබෙනවා ඒ වන විට ඩොලර් බිලියන 15.1ක විදෙස් වත්කම් ප්‍රමාණයක් අපට උපයා ගන්න පුළුවන් වේවි කියලා.

ඒ වගේම මා දැක්කා මේ පිළිබඳව කරුණු ඉදිරිපත් කරන විට බොහෝ අය කතා කළේ උපදේශාත්මකවයි. විශාල තොරතුරු ඉදිරිපත් කිරීම් කළා. අද අප ප්‍රතිව්‍යුහගත කිරීමට ලක් කර තිබෙන ඩොලර් බිලියන 12.55ත් එයට ගෙවන්න සිදුවී තිබෙන පැහැර හරින ලද ණය ඩොලර් බිලියන 1.7ක් අප ප්‍රතිව්‍යුහගත කිරීමකට භාජනයය කළා. මෙම ඩොලර් බිලියන12.5න් ඩොලර් බිලියන11.5ක්ම 2015-2019 ආණ්ඩුව කාලයේ ලබා ගත් ණයයි. අද ඔය උපදේශාත්මක හඬින් කතා කරන අය එදා උපදෙස් දුන්න නම් මේ රට මේ විදිහට බංකළොත්භාවයට පත් වන්නේ නැහැ. ඒ නිසා උපදෙස් ප්‍රමාද වැඩියි. නිශ්චිත මොහොතේ උපදෙස් ලබා දීම තමයි උපදේශවල තිබෙන වටිනාකම ඇති වන්නේ. ඒ නිසා දැන් ලබා දෙන උපදෙස් වලංගු වන්නේ නැහැ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ දෙවන සමාලෝචනය අවසන් කර දෙවෙනි වාරික මුදල නිදහස් කර ගෙන තිබුණා. අපි බලය අත්පත් කරගන්නා විට තුන්වන සමාලෝචනය පමා වී තිබුණේ. තුන්වෙනි සමාලෝචනය ආරම්භ කරන්න තිබුණේ සැප්තැම්බර් මාසයේයි. මැතිවරණයක් පැවැත්වෙන වෙලාවේදි ඔවුන් තුන්වන සමාලෝචනයට සූදානම් වුණේ නැහැ. ඒ අනුව මහ මැතිවරණය අවසන් වූ වහාම නොවැම්බර් 16 වන දා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ තුන් වන සමාලෝචනය ආරම්භ කළා. දෙවන සමාලෝචනයේදී පුරෝකථනයන් එකඟතාවන් ගණනාවක් තිබුණා පැවති ආණ්ඩුව එළඹ ගත්. එකක්, ආරෝපිත පොලී ආදායම මත පදනම්ව දේපළ මත බදු පැනවීම. මේ බද්ද 2025දී පැන වීමට දෙවන සමාලෝචනයේදී එකඟතාවකට පැමිණ තිබෙනවා.

සේවා අපනයනය මත 30%ක සංස්ථාපිත බද්දක් ඇති කිරීමට දෙවන සමාලෝචනයේදී එකඟ වී තිබුණා. ජනවාරි මාසය වන විට විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉවත් කර එය එකතු කළ බද්ධ මත ආදේශ කිරීම යෝජනා කර තිබුණා. විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද හරහා තමයි අපේ රටේ දේශීය නිෂ්පාදකයින් ආරක්ෂා කර ගැනීම සඳහා බදු පැනවීම, බදු ඉහළ දැමීම හෝ පහළ දැමීම සිදු කරන්නේ.

නමුත් දෙවන සමාලෝචනයේදී එකඟතාවයකට පැමිණ තිබුණා එම බද්ද අහෝසි කර ඒ වෙනුවට වැට් බද්ද පනවන්න. ඒ වගේම පුද්ගලික ආදායම් මත බදු රහිත සීමාවන් ඒ විදිහටම පවත්වා ගෙන යන්න තමයි එකඟතාව තිබුණේ.

2025 වසරේ අප්‍රේල් මාසය වන විට සරල කරන ලද එකතු කිරීමේ අගය මත බද්ද, සෙස් වැට් එක ඉවත් කිරීමටත් දෙවන සමාලෝචනයේදී එකඟතාවකට පැමිණ තිබුණා. අපේ රටේ ව්‍යාපාරිකයන්ට වැට් නැවත අය කර ගැනීම (Refund) සඳහා දුෂ්කර කාලයක් ගත වෙනවා. ඒ නිසා මේ සෙස් වැට් එක හරහා ව්‍යාපාරිකයන්ට අවශ්‍ය වන කෑෂ් ෆ්ලෝ (Cash flow) එක පවත්වා ගෙන යාමේ හැකියාව තිබුණා. නමුත් ඒ ඉවත් කිරීමට යෝජනා සකස් කර තිබුණා.

උපයන විට ගෙවන බදු පැනවීමේ සීමාව ඉහළට

අපි තුන්වන සමාලෝචනය පටන් ගැනීමේදී අපේ රටේ වෘත්තීයවේදීන් මත පනවා තිබුණු උපයන විට ගෙවන බදු ප්‍රමාණය (PAYE Tax) යම් ප්‍රමාණයකින් අඩු කිරීමට තීරණය කළා. මේ උපයන විට බදු සම්බන්ධයෙන් වෘත්තියවේදීන් අතර විශාල කනස්සල්ලක් තිබුණා. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, වෛද්‍යවරුන්, බැංකු නිලධාරීන් තුළ මේ පිළිබඳව කනස්සල්ලක් තිබුණා.

එම නිසා අපි ඒ පිළිබඳව සාකච්ඡා කර උපයන විට බදු පැන වීමේ සීමාව රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ එකහමාරක් දක්වා වැඩි කර ගැනීමට සමත් වුණා. 6%ක බද්දකට යටත් වන පරිදි පුද්ගලික ආදායම් බද්දේ පළමු කාණ්ඩය රුපියල් ලක්ෂ හයේ සිට රුපියල් ලක්ෂ දහය දක්වා වැඩි කිරීමට අප කටයුතු කළා. ඒ අනුව ලක්ෂ එක හමාරක මාසෙක වැටුපක් ගන්න කෙනෙකුගේ සීයට සීයක් බදු නිදහස්. ලක්ෂ දෙකක් වැටුපක් ගන්න කෙනෙක්ගෙ බද්ද 71%කින් නිදහස්. ලක්‍ෂ දෙකමාරක් වැටුපක් ගන්න කෙනෙකුගේ බද්ද 61%කින් නිදහස්. ලක්ෂ තුනක් වැටුපක් ගන්න කෙනෙකුගේ බද්ද 47%න් නිදහස්. ලක්ෂ තුනහමාරක් වැටුපක් ගන්න කෙනෙකුගේ බද්ද 25.5%කින් නිදහස්. ඒ කියන්නේ මොකක්ද?

වැඩි ආදායම් ලබා ගන්නා අයට අඩු සහනයකුත් අඩු ආදායම් ලබා ගන්න අයට වැඩි සහනයකුත් ලබා දීමට මේ සමාලෝචනයේදී අප සමත්ව තිබෙනවා .

යෝගට් සහ කිරි නිෂ්පාදන එකතු කළ අගය මත බද්දෙන් නිදහස්

අපේ දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාව සම්බන්ධයෙන් අප සාකච්ඡා කළා. පෝෂණ අවශ්‍යතා වැඩිදියුණු කිරීම සඳහා යෝගට් සහ කිරි නිෂ්පාදන සඳහා එකතු කළ අගය මත බද්ද නිදහස් කරන්න තීරණය කළා. පසුගිය රජය පනවා තිබුණු සේවා අපනයනය සඳහා 30%ක බද්ද 15%ක් දක්වා අඩු කිරීමට එකඟ වුණා.

රඳවා තබා ගැනීමේ බද්ද 5% සිට 10%ක් දක්වා වැඩි කිරීමට එකඟතාවකට ආවා. සාමාන්‍ය වැඩිහිටි අය, විශ්‍රාමිකයින්, යම් මුදල් ප්‍රමාණයක් තැන්පත් කර පොලියෙන් ජීවත් වෙනවා. සාමාන්‍යයෙන් ලක්ෂ එකහමාරක් මාසයක පොලිය වැටුණොත් ඒ අය බද්දට හසු වෙන්නේ. ඕනෑම පුරවැසියෙකුට මේ බද්දට තමන් ඇතුළත් නොවේ යැ’යි කියා උපකල්පනය කරනවා නම් ඔවුන්ට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගිහින් තමන්ගේ බදු තත්වය පිළිබඳ කරුණු ඉදිරිපත් කරලා තමන් ඒ බද්දට ඇතුළත් වීම වළක්වා ගන්න පුළුවන්.

ඒ සදහා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ වෙනම ඒකකයක් ස්ථාපිත කරනවා. තමන්ගේ බදු තත්ත්වය පිළිබඳ කරුණු පැහැදිලි කිරීමට. මෙහි අපේක්ෂාව තිබෙන්නේ විශ්‍රාමිකයන් සහ, මුදල් රඳවා ගැනීමෙන් ආදායම් ලබන පුද්ගලයින්ට සහන ලබා දීමටයි. මේ නිසා කිසිවෙකුට අගතියක් ඇති වන්න ඉඩ දෙන්නෙ නැහැ. නමුත් අපි අපේක්ෂා කරන්නෙ බදු දැල සඳහා බදු යාන්ත්‍රණය පුළුල් කිරීමටයි.

වාහන වෙළෙඳපොළ ක්‍රමානුකූලව විවෘත කිරීමට අවධානය

අපේ රටේ වාහන වෙළෙඳපොළ ක්‍රමානුකූලව විවෘත කරන්න සැලසුම් කර තිබෙනවා. එයත් එක්ක ගොඩනැගුණු කර්මාන්තයක්ද ව්‍යවසායකයන්ද සිටිනවා. එනිසා මෙම වෙළඳපොළ වසාගෙන සිටීමේ හැකියාවක් නැහැ. එම නිසා කාණ්ඩ තුනකින් වාහන ආනයන වෙළඳපළ විවෘත කරනවා. මගී ප්‍රවාහන බස් හා විශේෂ කාර්යයන් සඳහා භාවිත කරන මෝටර් රථ වාහන පසුගිය 14 වන දා ආනයනය කිරීමට විවෘත කළා. පෞද්ගලික ප්‍රයෝජනය සඳහා මෝටර් රථ වාහන ආනයනය ලබන වසරේ පෙබරවාරියේ සිට සිදු කරනවා. මේ නිසා ඩොලර් අර්බුදයකට මුහුණ දෙයි කියා කවුරුත් සැකයක් තියා ගන්න එපා. මහ බැංකුව සමග අප දීර්ඝ සාකච්ඡාවක් කර මේ වාහන ආයනයනය සඳහා පිටමන්ව යන ඩොලර් ප්‍රමාණය පිළිබඳ යම් ඇස්තමේන්තුවක් කර තිබෙනවා. එය කොතරම් ප්‍රමාණයක් ආර්ථිකයට ඔරොත්තු දෙනවද කියා අපි සොයා බලා තිබෙනවා. නමුත් අපේ ආර්ථිකය යළිත් උද්දීපනය කරන්න නම් මේ වාහන වෙළෙඳපොළ විවෘත කළ යුතුයි.

පරාටේ නීති සහනය දීර්ඝ කෙරේ

පරටේ නීතිය දෙසැම්බර් මාසෙ පහළොස් වන දා අවසන් වීමටට තිබෙනවා. නමුත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් තවමත් ප්‍රකෘති තත්වයට පැමිණ නැති නිසා එය අප තවදුරටත් දීර්ඝ කිරීමට බලාපොරොත්තු වෙනවා. අපේ අධ්‍යයනයේදී එළිදරව් වුණේ ණය ගැතියන්ගෙන් 99%ක්ම රුපියල් මිලියන 25කට වඩා අඩු ණය පැහැර හරින්නන් බව. එනිසා අප සැලැස්මක් සකස් කළා. පරටේ නීතිය මුළුමනින්ම අත්හිටුවා තිබීම බැංකු පද්ධතියේ අර්බුදයක් ඇතිවෙන්න පුළුවන්. ජනතාවගේ මුදල් බැංකු පද්ධතියේ තිබෙන නිසා බැංකු පද්ධතිය ආරක්ෂාව අප සහතික කළ යුතුයි. විශාල මූල්‍ය ආයතන පද්ධති කඩා වැටීමෙන් ජනතාව පීඩාවට පත් වුණා.

තැන්පත්කරුවන් සියදිවි නසා ගත්තා. ඒ නිසා මූල්‍ය ආයතන කඩා වැටීමේ ප්‍රතිවිපාකවලට මුහුණ දුන්නේ ජනතාවයි. එම නිසා අප තීන්දු තීරණ ගැනීමේදී බැංකු පද්ධතිය ආරක්ෂා කිරීමටත්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ආරක්ෂා කිරීම යන කාරණා දෙකම සැලකිල්ලට ගෙන කටයුතු කර තිබෙනවා. ඒ නිසා පරාටේ නීතිය 2025 මාර්තු 31 දක්වා දිගු කිරීමට කටයුතු කරනවා. බැංකු සහන ණය හිමියන් සමඟ සාකච්ඡාවේදී තමන්ගේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා දෙසැම්බර් 31 වෙනිදා දක්වා කාලසීමාවක් ලබා දීතිබෙනවා. හිඟ පොලිය සහ ණය මුදල රුපියල් මිලියන 25ත් 50ත් තිබෙන අයටත් ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා බැංකුව සමඟ සාකච්ඡා කළ හැකියි. හිඟ පොලිය හැර ණය මුදල රුපියල් මිලියන පනහකට වැඩි අයට 2025 ජුනි මාසය දක්වා කාල සීමාව දිගු කිරීමටත් ඊට ප්‍රථම ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පැමිණීමටත් ඔවුන්ට අවස්ථාව ලබා දී තිබෙනවා.

එළඹෙන අයවැය ලේඛනයේදී මේ අයට යම් සහන ලබා දීමට බලාපොරොත්තු වෙනවා. අයවැය ‍ලේඛනය යෝජනා ලබන අප්‍රේල් මාසයේ ක්‍රියාත්මක කිරීමටත් බලාපොරොත්තු වෙනවා. සමහර ඒවාට නීති සම්පාදනය කිරීම අවශ්‍යයි. විශ්‍රාමිකයන්ට එතෙක් ලබා දුන් දීමනාව
අප ඔක්තෝම්බර් මාසයේ සිට රු 3000කින් වැඩි කළා. පොහොර සහනාධාරය 25,000ක් දක්වා වැඩි කළා. එම පොහොර සහනාධාරය කිසිදු ප්‍රමාදයකින් යුතුව ගොවිකළ ජනතාවට ලබා දීමට මුදල් අමාත්‍යාංශයට උපදෙස් ලබා දී තිබෙනවා.

අගහිඟකම් ඇති පාසල් දරුවන්ට රුපියල් 6000ක මාසික දීමනාවක්

මුදල් නොමැතිකම නිසා පාසල් නොයන දරුවන් සොයා බලා ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමට මෙවර අයවැය මගින් මුදල් වෙන් කර තිබෙනවා. එම දරුවන්ට රුපියල් 6000ක මාසික දීමනාවක් ලබා දීමට බලාපොරොත්තු වෙනවා.

අස්වැසුමට එක් නොවුණු ප්‍රතිලාභ ලැබිය යුතු දරුවනුත් මේ සඳහා එකතු කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.

අස්වැසුම කාණ්ඩ හතරකට ලබා දීමට සැලසුම් කර තිබුණා. ඉන් ලක්ෂ අටක් මේ දෙසැම්බර් මාසෙ තිස් එක් වන දා අස්වැසුම ව්‍යාපෘතියෙන් එළියට වැටෙන්න නියමිතව තිබෙනවා. අපි එම කාණ්ඩ දෙකෙන් යටම කාණ්ඩය සඳහා ප්‍රතිලාභ ලැබීම මාර්තු මාසය දක්වා දීර්ඝ කළා. අනිත් කාණ්ඩය සඳහා ප්‍රතිලාභ ලැබීම ලබන වසර දෙසැම්බර් මාසය දක්වා දීර්ඝ කළා. අස්වැසුම ලැබෙන අයත් අස්වැසුම නොලැබෙන අයත් අතර මතයක් ගම්වල තිබෙනවා. එනිසා අස්වැසුම නැවත සමාලෝචනය කළා. පද්ධතිය හරහා ලබා ගන්නා තොරතුරු නැවත පරීක්ෂාවට ලක් කර අස්වැසුම දැනට නොලැබෙන එහෙත් ලැබිය යුතු කොටස් පිළිබඳ සොයා බලා අස්වැසුම ලබා දීමට කටයුතු කරනවා.

අපේ රටේ අස්වැසුම ලබා දීමට තීරණය කළේ බැංකු හරහායි. සාමාන්‍යයෙන් අපේ රටේ බැංකුවක ගිණුමක් ආරම්භ කරන්න හැදුනුම්පතක් අවශ්‍ය වෙනවා. අස්වැසුම ලැබිය යුතු පවුලක් වුණත් බැංකු ගිණුමක් ආරම්භ කිරීමට හැකියාව නොලැබීම හේතු කර ගෙන වසර එකහමාරක් අස්වැසුම නොලැබී තිබෙන ජනතාවකුත් සිටිනවා. මේවා පාලකයන් ඉතා සමීපව සොයා බලා විසඳන්න ඕන ප්‍රශ්න නොවෙයිද? එම අයට හැඳුනුම්පතක් නොමැතිව බැංකු ගිණුමක් විවෘත කිරීමට කාලය ලබා දීමට අප තීරණය කළා. හැඳුනුම්පත ලබා ගන්නා දවසේ සිට නොවෙයි ඔහුට හිමිකම හිමි දවසේ සිට ලබා දීමට අප කටයුතු කරනවා. අපේ අයවැය විවාදයන් නිමවෙන්න තිබෙන්නේ මාර්තු මාසේ 21 වන දිනයේයි. අස්වැසුම පනතේ සංශෝධන ගණනාවක් තිබෙනවා. ඒ සඳහා ඔබගේ සහයෝගයද බලාපොරොත්තු වෙනවා.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පුද්ගලික පරිහරණය සඳහා වාහන ආනයනය පෙබරවාරි 01 දා සිට ස්ථිර ලෙසම විවෘතයි… ජනපති සහතික වෙයි!

Next Post

නාමල් හොර නිතිඥකම ගත්තු හැටි අධිකරණයට කියන්න රට ඉන්න තුෂාර ජයරත්න ලංකාවට එන්න සැරසෙයි…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.