කීර්ති ප්‍රනාන්දු –
හර්තාල් ව්‍යාපාරයට වෘත්තීය සමිති ගණනාවක් එක්වීම නිසා දුම්රිය පාලන අධිකාරියේ දුම්රිය ධාවන සැලසුම මුළුමනින්ම ව්‍යර්ථ වී ඇත.
අද දවස තුළ දුම්රිය 50 -75 ප්‍රමාණයක් ධාවනයට සැලසුම් කර තිබුණත් රටම ආවරණය වන සේ උදේ කාර්ය බහුල වෙලාව තුළ ධාවනය වී තිබුණේ දුම්රිය 05ක් පමණක් බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.
කොළඹ බලා පොල්ගහවෙල සිට දුම්රියක්, අවිස්සාවේල්ල සිට දුම්රියක් , අලුත්ගම සිට දුම්රිය දෙයකක් ධාවනය වී ඇත.
කොළඹ කොටුවේ සිට උදේ 8 ට වේයන්ගොඩ දක්වා දුම්රියක් ධාවනය වී තිබේ. එම දුම්රියවල ද සැලකියයුතු මගීන් ප්‍රමාණක් ගමන් කර නැත.
දුම්රිය නියාමකයින් සහ රියදුරන් සුළු පිරිසක් පමණක් සේවයට වාර්තා කර තිබේ.







