උද්ඝෝෂණ සහ සමාජ ඒකරාශී වීම් වැලැක්වීමට නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට හෝ අධිකරණමය ක්‍රියා මාර්ගයක් ගැනීමට පොලීස් දෙපාර්තමේන්තුව තමන්ගෙන් නිර්දේශ ඉල්ලා සිටින ඕනෑම මොහොතකදී එය ලබා දීමට සූදානම් යැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය සදහන් කරයි.
මේ වන විට රටපුරා ඩෙල්ටා ප්‍රභේදය ඉතා සීග්‍රලෙස පැතිර යන අවස්ථාවකදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් නිසිලෙස අනුගමනය නොකර උද්ඝෝෂණ වල නිරත වීම ඉතාමත් අවදානම් තත්ත්වයක් රට තුළ නිර්මාණය කිරීමට ප්‍රබල හේතුවක් වන්නේ යැයි සංගමයේ සභාපති උපුල් රෝහණ සදහන් කරයි.
ඩෙල්ටා ප්‍රභේදය රට පුරා පැතිර යාමත් සමග ජනතාව මරණයේ අභියසට පැමිණෙමින් සිටින බව සියලුම දෙනා අවබෝධ කර ගනිමින් කටයුතු කල යුතු අවස්ථාවකදී සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකා උද්ඝෝෂණ සදහා ජනතාව පෙළඹීම ඉතා දරුණු තත්ත්වයන්ට මුහුණ දීමට සෑම දෙනාටම සිදුවනු ඇතැයි ඔහු පෙන්වාදේ.
වෙනදා මෙන් නොව වයිරසය ආසාදනය වන වැඩි පිරිසක් ඔක්සිජන් මත යැපීමට සිදුවනවා මෙන්ම සැලකිය යුතු පිරිසක් මරණය කරා ලගාවීම දිනෙන් දින වැඩි වර්ධනය වීම තුල රටේ ජනතාව මීට වඩා වැඩි වගකීමකින් කටයුතු කිරීම ඉතාමත් වැදගත් යැයි උපුල් රෝහණ අවධාරණය කරයි.