දිනසේන රතුගමගේ –
බුරවි සුළි කුණාටුව හේතුවෙන් උතුරේ පවුල් 554 කට අයත් පුද්ගලයින් 2254 ක් පීඩාවට පත්ව සිටින බව ඒ ඒ පළාත් වල දිස්ත්‍රික් ලේකම්වරු විසින් ඉදිරිපත් කොට ඇති සංඛ්‍යා ලේඛන වල සදහන් වෙයි.
උතුරු පළාතේ ප්‍රධාන දිස්ත්‍රික්ක පහෙන් වැඩිම හානියක් සිදුව ඇත්තේ යාපනය හා මුලතිව් ප්‍රදේශ වලට වන අතර යාපනයේ පමණක් පීඩාවට පත්ව සිටින පවුල්සංඛ්‍යාව 464 කි.
උතුරේ ජනතාව පීඩාවට පත්ව ඇත්තේ ඔවුන්ගේ නිවාස වල වහලවල් සුළගට ගසාගෙන යාම හා මුහුදු ජලය නිවෙස් වලට ගලාඒම හේතුවෙනි.
බුරවි සුළි සුළග සමග ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව නිසාද ජනතාව පීඩාවට පත්ව ඇති අතර එම වර්ෂාව හේතුවෙන් උතුරේ කුඩා වැව් පිටාර ගැලීමටටහ් විශාල වැව් වලට විශාල ජල ප්‍රමාණයක් එකතුවීමත් සිදුව තිබේ.
වවුනියාව මුලතිව් කිළිනොච්චි යන පළාත් වල විශාල ගස් සුළගට ඉදිරී වැටී මහා මාර්ග වල ගමනාගමන කටයුතු වලට බාධාවන් සිදු වූ අතර යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශ මැදිහත් වී එම බාධක ඉවත් කොට තිබේ.
අධික සුළං සහිත තත්ත්වය හා වර්ෂාව තවමත් උතුරු ප්‍රදේශයෙන් පහව ගොස් නොමැත.







