ඉන්දීය ධීවර ආක්‍රමණ සම්බන්ධව ඉන්දීය අගමැති නරෙන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයේ දී සාකච්ඡා කළ බවත් මුහුදේ සිදුවන සියලුම නීති විරෝධී කටයුතු වැලැක්වීමට නාවික හමුදාවට තමන් විසින් නියෝග කර ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අද ( 17) පැවසීය.
අද උදේ වරුවේ මන්නාරමේ පැවති ජන හමුවක් අමතමින් ජනාධිපතිවරයා කීවේ මන්නාරමේ ජනතාව අති බහුතරයක් ධීවර රැකියාවෙන් ජීවිකාව කරගෙන ගිය ද පේසාලේ මාළු සම්පත නෙලන්නේ ඉන්දීය ධීවරයින් බවත්, නීති විරෝධී මසුන් ඇල්ලීමේ බෝට්ටු හරහා විශාල විනාශයක් ඔවුන් අපේ මුහුදට සිදුකරමින් ඇති බවත්ය.
ජානාධිපතිවරයා මෙසේ ද කීවේය.
“අපේ රට සංවර්ධනය කිරීමේ දී මන්නාරම ඉතාම වටිනා ප්‍රදේශයක්. අපේ මුහුදු තීරය ඉතාම වටිනා සම්පත් අපට එකතු කරලා දීලා තියනවා. මන්නාරමේ ජනතාව විශාල ප්‍රමාණයක් මුහුදු රස්සාවෙන් ජීවත් වෙනවා. නමුත් අපි දන්නවා එහා පැත්තේ පේසාලේ මාළු සම්පත නෙලන්නේ කවුද. නීති විරෝධී මසුන් ඇල්ලීමේ බෝට්ටු හරහා විශාල විනාශයක් අපේ මුහුදට සිදුකරමින් තිබෙනවා.
පහුගිය දා ඉන්දීය අගමැති තුමා එක්ක අපි දීර්ඝ ලෙස අපි කතා කළා. අපේ මුහුද…. අපේ මසුන්… අපේ ජනතාව… ඒ අයට මේව අයිතියි. ඒ නිසා මේ ප්‍රශ්නය විසඳා ගන්න අපි කටයුතු කරනවා.
ඒ වගේම අපි නාවික හමුදාවට උපදෙස් දීලා තියනවා මුහුදේ සිදුවන සියලුම නීති විරෝධී ක්‍රියාවලට එරෙහිව කටයුතු කරන්න කියලා. අපේ මුහුද ආරක්ෂා කර ගැනීම අපේ හමුදවන්ගේ වගකීමක්. එය අප ඉටු කරනවා.







