බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උතුරු නැගෙනහිරට වෙනම කාදිනල්වරයෙක් දෙන්න… උතුරු නැගෙනහිර රදගුරු හිමිවරුන් වතිකානුවෙන් ඉල්ලීමක්!

by editor
පෙබරවාරි 1, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශ දෙක සදහා වෙනම කාදිනල්වරයෙකු පත්කරන ලෙස උතුරු නැගෙනහිර රදගුරු හිමිවරුන් වතිකානුවෙන් ඉල්ලීමක් කොට තිබේ.

ශ්‍රී ලංකාවේ සුළුතර දෙමළ කතෝලිකයන් ශ්‍රී ලංකා කතෝලික සභාව විසින් පාවා දෙන බව හැගී යන නිසා මෙම ඉල්ලීම කළ බව යාපනයේදී අදහස් දැක් වූ ජෝශප් පතිනාතර් ජෙබරත්නම් පියතුමා ප්‍රකාශ කළේය.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන්ට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා කොළඹ අගරදගුරු හිමිපාණන් ඉල්ලා සිටීම වරදක් නොවන නමුත් උතුරු නැගෙනහිර යුද්ධයේදී මියගිය පිරිසට සාධාරණයක් ඉටු කිරීමට කවරෙකු හෝ පෙනී නොසිටින නිසා මෙවැනි ඉල්ලීමක් කිරීමට සිදු වූ බවද ජෙබරත්නම් පියතුමා සදහන් කළේය.

ජෝශප් පතිනාතර් ජෙබරත්නම් පියතුමා

“ 1995 දී යාපනයේ නවාලි සෙන් පීතර දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයන් 147 දෙනෙකු මිය ගිය අතර 200 දෙනෙක් තුවාල ලැබුවා.

“ ඒ අවස්ථාවේදී උතුරු – නැඟෙනහිර රදගුරු හිමිවරුන්ගේ අවධානය මේ සම්බන්ධයෙන් යොමු වූ නමුත් දකුණෙන් ඊට ප්‍රතිචාරයක් නැහැ.“

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

“ පූජකවරුන් හත් දෙනෙකු ඇතුළු කන්‍යා සොහොයුරියන් කිහිප දෙනෙකු යුද්ධයේදී මිය ගියා.“

“ 1995 දී පූජ්‍ය මේරි බැස්ටියන් ඇගේ නිවසේදී වෙඩි තබා ඝාතනය කළා. ඉන්පසුව කොළඹ මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවට යාමට පෙර ඇය ප්‍රසිද්ධියේ මරා දැමූ බවයි. “

“යාපනයේ කන්‍යා සොහොයුරිගේ මැදිහත්වීමෙන් කොළඹ කන්‍යා සොහොයුරියක් විසින් ගරු මේරි බැස්ටියන් වෙනුවෙන් අනුස්මරණ උත්සවයක් සංවිධානය කළා. මෙම අවස්ථාවට සහභාගි වීමට තමන්ට අවශ්‍ය නැති බව දකුණේ රදගුරු හිමිවරුන් පවසා තිබුණා.“

“පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය අයට සාධාරණය ඉටු කරන ලෙස කොළඹ අගරදගුරු තුමා ඉල්ලා සිටිනවාට අපි විරුද්ධ නැහැ. එලෙසම දෙමළ ජනතාව ඝාතනය වූ විට එම දෙමළ ජනතාවට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා නොසිටියේ ඇයි?.“ ඔහු විමසා සිටීයි.

උතුරු නැඟෙනහිර ප්‍රදේශයේ ඝාතනයට ලක් වූ දෙමළ ජනතාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍ය බව උතුරු සහ නැගෙනහිර රදගුරුවරුන් ඉල්ලා සිටින අතර, දකුණේ රදගුරු හිමිවරු කියා සිටියේ එය අනවශ්‍ය බවයි.

“යුද්ධයෙන් මියගිය සාමාන්‍ය වැසියන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය නොවන බව කොළඹ අගරගුරු හිමියන් පවසනවා. අවාසනාවකට දකුණේ කතෝලිකයන්ට උතුරට හා නැඟෙනහිර දෙමළ ජනයාට සිදු වූ දේ යම් දිනක තමන්ටත් සිදුවනු ඇතැයි නැනගෙන සිටියෙ නැහැ. දැන් කතෝලිකයන් දෙපිරිසම දුක් විඳනවා…“ ජෝශප් පතිනාතර් ජෙබරත්නම් පියතුමා සඳහන් කළේය.

Share69Tweet43
Previous Post

ටීඑන්ඒ නායක සම්පන්ධන් රෝහල් ගත කරයි!

Next Post

ජනසතු සේවා ක්‍රිකට් සංගමයේ ලොක්කන්ගේ බ්‍රහ්ම ගැහිල්ලක්… වසර ගණනක් ප්‍රධාන නිලතල දරන අය අතාර්කික වත්කම් උපයලා…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.