බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උතුරුමැද පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වැඩ බලන පොලිස්පති ධූරයට… කොස්තාපල්වරයෙක් ලෙස සේවයට පැමිණ පොලිස්පතිවන පොලිසියේ ස්වර්ණමය පෙරළියක ලකුණු ඔහුයි….

by editor
සැප්තැම්බර් 27, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සේවය අත්හිටුවා ඇති දේශබන්දු තෙන්නකෝන් වෙනුවට වැඩ බලන පොලිස්පති ලෙස උතුරුමැද පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය අද දිනය තුළ පත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

දැනට පොලිස් පරිපාලන කොට්ටාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක වැඩබලන පොලිස්පති තනතුර සඳහා වඩාත් සමීව සිටිය ද පාස්කු ප්‍රහාරය සම්බන්ධව පූර්ණ විමර්ශනයක් සඳහා සූදානම්වන රජය මේ අවස්ථාවේ දී වැඩබලන පොලිස්පති තනතුර සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසුරියව තෝරාගෙන තිබේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායකට පාස්කු ප්‍රහාරයට සම්බන්ධව කිසිම ඡෝදනාවක් එල්ල නොවන නමුදු එම ප්‍රහාරය සිද්ධවන අවධියේ සිද්ධියේ වගකීමට මුල්වන ප්‍රදේශයක් භාරව සිට බැවින් විමර්ශන අවසන්වනතුරු ඔහු පොලිසියේ දෙවැනි ජ්‍යෙෂ්ඨතම නිලධාරියාට හිමි වගකීමේ රඳවා තබන්නට ද රජය තීරණය කර ඇත.

ප්‍රියන්ත වීරසූරිය යනු පොලිස් දෙපාර්තමේන්තුවේ ඉතිහාසගත ගමනක් පැමිණි නිලධාරියෙකි. වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ පහළම ක්‍රියාකාරිකයෙක් ලෙස දේශපාලනය අරඹා රටේ ජනාධිපතිවරයා දක්වා පැමිණි ගමන සේම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරය පැමිණි ගමන ද විචිත්‍රය. ඔහු පොලිසියට එක් වන්නේ පොලිස් කොස්තාපල්වරයෙක් ලෙසිනි.

වසර 158ක පොලිස් දෙපාර්තමේන්තුවේ ඉතිහාසය තුළ පොලිස් කොස්තාපල්වරයෙක් ලෙස සේවයට බැඳී පොලිස්පති ධූරය දක්වා වූ ඉදිරි ගමනක යෙදෙන පළමු නිලධාරියා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ය.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්තිමත් අදූෂිත නිලධාරීන් අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ඉහළින්ම සිටින්නේය. ඔහු යුද සමයේ එල්ටීටීඊ මරාගෙන මැරනෙ බෝම්බ ප්‍රහාර දෙකකින් ජීවිතය බේරාගත් නිලධාරියෙකි. පොලිස් අධිකරීවරයෙක් ලෙස කල්මුනේ සේවය කරමින් සිටිය දී ඔහු මේ තර්ජනවලට මුහුණ දුන්නේය.

කෙසේ වෙතත් පොලිස්පති ධූරයේ ධූර කාලය පිළිබඳ ව්‍යවස්ථාමය වෙනසක් ඇති කර එම ධූර කාලය වසර තුනකට සීමා කිරීම පිළිබඳ සාකච්ඡාවක් පසුගිය රජය වකවානුවේ ද ඇති වී තිබිණ. ඒ තත්ත්වය තුළ ලලිත් පතිනායකට ද පොලිස්පති ධූරයේ අවස්ථාව විවර වනු ඇතැයි පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග හෙළි කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට – වීසා නිකුත් කිරීම පැරණි ක්‍රමවේදයට…

Next Post

ක්‍රීඩා අරමුදලේ ලක්ෂ හාරසීයක් වියදම් කළ හරීන්ගේ ක්‍රීඩා සැණකෙලිය ගැන අමාත්‍යාශ නිලධාරීන්ම විගණනයක් ඉල්ලයි!

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.