දිනසේන රතුගමගේ –
බුරවි සුළි සුළගින් පසුව මුළු උතුරු පළාතම 9 දා උදෑසන සිට ගණ මීදුමකින් වැසී ගොස් තිබේ.
උදෑසන 8 පමණ වන විට හිරු නැග තුබුණද අධික මීදුම පහව ගොස් නොතිබීම නිසා උතුරේ බොහෝ මාර්ග වල ගමනා ගමන කටයුතු වලට බාධා එල්ල වී තිබුණි.
උතුරේ ජනතාව පවසන්නේ මහා වර්ෂාවකින් පසුව මේ අන්දමට ඉතා තද මීදුමක් හට ගන්නේ ඉදිරි කාලයේදී තවත් මහා වැසි ලැබෙන බවට පෙර නිමිත්තක් බවයි.
කෙසේ වෙතත් උතුරේ කිසිම දිස්ත්‍රික්කයකට 8 වෙනිදා උදෑසනින් පසුව විශාල ප්‍රමාණයේ වර්ෂාවක් ඇද හැලී නොතිබුණි.
යාපනය නගරය ඇතුළු පළාත් ගණනාවක් යට වී තිබුණු වැසි ජලය මේ වන විට ක්‍රමයෙන් බැස ගොස් සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයට පත්වෙමින් පවතී.