බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උඩරට දුම්රිය මාර්ගයේ වෙන්න ගිය දැවැන්ත අනතුරක් කාන්තාවක් නිසා වැළකෙයි…

by editor
ජූනි 11, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • පෙරාදෙණිය මහනුවර අතර දුම්රිය මාර්ගය අඩි 15ක් ගැඹුරට ගිලා බැහැලා… මේ ව්‍යසනය දැක ඇත්තේ කාන්තාවක්…

  • ගිලා බසින්න කලින් සීඝ්‍රගාමී දුම්රියක් සහ කාර්යාල දුම්රියක් එම ස්ථානය පසු කරන් ගිහින්… අනතුරට ලක්වෙන්න තිබුණු දුම්රිය ගිලා බැස්ස ස්ථානය අසලදීම නතර කරගන්න හැකි වෙලා…

  • දින කීපයක් මහනුවර පේරාදෙණිය අතර දුම්රිය ගමන් නවතී… උඩරට දුම්රිය ගමනට කිසිම බාධාවක් නෑ…

උඩරට දුම්රිය මාර්ගය ගිලා බැස ඇති බවට කාන්තාවක් විසින් ලබා දුන් තොරතුරක් මත දැවැන්ත විනාශයක් වළක්වා ගැනීමට හැකි වී තිබේ.

මහනුවර අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දුම්රිය මාර්ගයේ ඇති වූ මෙම හදිසි ගිලා බැසීම අද උදෑසන 6.30ට පමණ දැක ඒ බව දුම්රිය පාලනාධිකාරියට දැනුම් දී තිබුණේ ගැටඹේ ප්‍රදේශයේ පදිංචි චම්පිකා විජේරත්න නැමැති කාන්තාවකි.

නිවසේ සුරතලයට ඇති කරන සුනඛයා සමඟ ඇය පෙරවරු 6.30 ට පමණ දුම්රිය මාර්ගය දෙසට පැමිණෙන විට මෙම ගිලා බැසීම දැක තිබේ.  අඩු 10-05 අතර පළලට අඩි 15ක් පමණ ගැඹුරට මෙම කොටස ගිලා බැස තිබී ඇත.

චම්පිකා විජේරත්න

තොරතුර අනුව වහා ක්‍රියාත්මක වූ පාලක මැදිරිය දුම්රිය ධාවනය අත්හිටුවා අදාළ ස්ථානය නිරීක්ෂණය කර තිබේ. ගිලා බැස තිබෙන ස්ථානය නිරීක්ෂණය කරමින් සිටිද්දී පේරාදෙණිය දෙසින් මහනුවර දක්වා දුම්රියක් පැමිණ ඇත. මාර්ගය ගිලා බසින ලද ස්ථානය ආසන්නයේ දී මගීන් බස්සවා දුම්රිය ආපසු ධාවනය කරවීමට දුම්රිය බලධාරීන් පියවර ගෙන තිබේ.

දුම්රිය මාර්ගය ගිලා බැස ඇති ආකාරය…

ඒ වනවිටත් මහනුවර සිට කොළඹ දක්වා ධාවනය කෙරෙන කාර්යාල දුම්රිය සහ නගරාන්තර සීඝ්‍රගාමි දුම්රිය එම ස්ථානය පසුකර ගොස් තිබුණ බැවින් දුම්රිය ගමන් කර විනාඩි කීපයකට පසු මෙම ගිලා බැසීම සිදුවන්නට ඇතැයි දුම්රිය බලධාරිහු කියති. දැනට සිදුකර ඇති විමර්ශනයේ දී පැහැදිලි වී ඇත්තේ දුම්රිය මාර්ග ඉදිකරන සමයේ සිට පැවති කානු පද්ධතියක් කඩාගෙන යෑමෙන් මෙම ගිලා බැසීම සිදුවි ඇති බවය.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

මෙම ගිලා බැසීම යථාතත්ත්වයට පත් කිරීම ආරම්භ කර ඇති නමුත් දින කිහිපයක් යනතෙක් මහනුවර පේරාදෙණිය අතර දුම්රිය ගමනා ගමන කටයුතු ඇන හිටින බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් උඩරට මාර්ගයේ කොළඹ බදුල්ල දුම්රිය ගමනා ගමනයට කිසිදු බාධාවක් එල්ලවී නොමැති බවත්, කොළඹ සිට මහනුවර දක්වා ගමන් ගන්නා දුම්රිය පේරාදෙණිය දුම්රිය ස්ථානයෙන් නතර කෙරෙන බැවින් මහනුවරට පැමිණෙන මගීන් වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉල්ලීම මත පේරාදෙණියේ සිට මහනුවර දක්වා විශේෂ බස් රථ දෙකක් යොදවා තිබෙන බවත් දුම්රිය බලධාරීහු කියති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බහුතරය විපක්ෂයට තිබුණ බණ්ඩාරවෙල මහ නගර සභාවේ බලය මාලිමාව පිහිටුවයි…

Next Post

හෙට සිට විදුලිය ගාස්තු සියයට 15කින් ඉහළට…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.