ඊශ්‍රායල රජය සහ ශ්‍රි ලංකා රජය ඇති කර ගත් රාජ්‍යතාන්ත්‍රික ගිවිසුමට අනුව මින ඉදිරියට ඊශ්‍රාලයට ශ්‍රමිකයන් යැවිම සිදු කරන්නේ රජයෙන් පමණක් බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි. ඊශ්‍රාලයේ ගෘහස්ත සාත්තු සේවා සහ කෘෂීකර්ම අංශයේ රැකියා සඳහා ශ්‍රි ලංකාවෙන් පසුගිය කාලයේ පෞද්ගලික අංශය මගින යවනු ලැබු ලාංකීකයන් ගෙන් මෙරට රැකියා ඒජන්සිකරුවන් විශාල මුදලක් අය කිරිම පිළිබඳ ලද තොරතුරු මත ඊශ්‍රායල රජය මෙරට රැකියා ඒජන්සිකරුවන් මගින් එරටට ශ්‍රමිකයන් ගෙන්වීම අත්හිටුවා, ලාංකීක ශ්‍රමිකයන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් පමණක් ගෙන්වා ගැනීමට තීරණය කර ඇතැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් හා රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාගේ සහභාගීත්වයෙන් අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවකදීය.
එහිදි තවදුරටත් තොරතුරු අනාවරණය කරමින් කරණු දැක්වු අමාත්‍යවරයා කියා සිටියේ, මෙම ගිවිසුම නිසා මින් ඉදිරියට කිසිදු පෞද්ගලික ආයතනයකට ඊශ්‍රායලයට ලාංකීක ශ්‍රමිකයන් යැවිමට අවස්ථාවක් නොමැති බවය .එම නිසා ඊශ්‍රායලයට ලාංකික ශ්‍රමිකයන් යැවිම පිළිබඳ වන ප්රචාරයන්ට නොරැවටෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මෙහිදි පැවසීය. මේ පිළිබඳ ජනමාධ්‍ය ද අවධානයෙන් කටයුතු කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බව හෙතෙම පැවසීය.