බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගැහැනු යට ඇඳුම්වලින් ආතල් ගන්නා ඊශ්‍රයාල සොල්දාදුවෝ! මේ යට ඇඳුම් හිමි කාන්තාවන් එක්කො අවතැන් වෙලා… නැතිනම් මිහිදන් වෙලා…

මහා මානව අපරාධයකින් පසු ඉතිරි වූ යට ඇඳුම්වලිනුත් ඊශ්‍රයාල සොල්දාදුවන් ලබන නින්දා සහගත සතුට ලෝකයේ ගර්හාවට...

by lankasara-editor
මාර්තු 28, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඊශ්‍රායල සොල්දාදුවන් විසින් පලස්තීන නිවාසවලින් සොයාගත් කාන්තා යට ඇඳුම් සමඟ විනෝද වන ආකාරයෙන් ගනු ලැබූ ඡායාරූප සහ වීඩියෝ කිහිපයක් සමාජ මාධ්‍යයන් හි පළ කර තිබෙනවා.

ගාසා තීරයේ පවතින යුධ ගැටුම් හේතුවෙන් එහි සාගතයක් පවා නිර්මාණය වෙමින් පවතින පසුබිමක සිදුවන මෙවැනි සිදුවීම්, ඊශ්‍රායලය කෙරෙහි ලෝක ප්‍රජාවේ වන අප්‍රසාදය තීව්‍ර කරන්නක්. සමාජ මාධ්‍යවල සංසරණය වන එම එක් වීඩියෝවක ඊශ්‍රායල සොල්දාදුවෙකු ගාසා තීරයේ නිවාස කාමරයක හාන්සි පුටුවක වාඩි වී සිනාසෙමින්,එක් අතකින් තුවක්කුවක් සහ සෝෆා මත වැතිර සිටින සොල්දාදුවෙකුට ඉහළින් යට ඇඳුමක් එල්ලා තබන ආකාරයක් දැක්වෙවෙන එම ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය නැරඹුම් වාර දස දහස ඉක්මවා ගොස් තිබෙනවා.

මේ සම්බන්ධව අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ ප්‍රකාශිකා රවීනා ෂම්දාසානි පවසන්නේ එවැනි ඡායාරූප පළ කිරීම පලස්තීන කාන්තාවන්ට සහ සියලුම කාන්තාවන්ට අවමන් කිරීමක් බවයි. රොයිටර් පුවත් සේවය මගින් සොල්දාදුවන් සමාජ මාධ්‍ය වෙත කල එවැනි පල කිරීම් අටක් සොයාගෙන තිබෙන බව වාර්තා කර තිබෙනවා.

දෙපාර්ශවයටම ස්ත්‍රී දූෂණ චෝදනා –

ගාසා තීරයේ පවතින යුද්ධය සම්බන්ධව හමාස් සංවිධානයට සහ ඊශ්‍රායලය  දෙකටම යුද අපරාධ චෝදනා එල්ල ව තිබෙනවා. මෑතක දී සිදුකල වාර්තාවක, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂඥයින් කියා සිටියේ පසුගිය වසරේ ඔක්තෝබර් 7 වන දින හමාස් සංවිධානය සිදුකල ප්‍රහාරයේදී ස්ත්‍රී දූෂණ ඇතුළු ලිංගික ප්‍රචණ්ඩත්වය සිදු වූ බව විශ්වාස කිරීමට සාධාරණ හේතු ඇති බවයි.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ගාසා තීරයට ගෙන යන ප්‍රාණ ඇපකරුවන් සම්බන්ධව ස්ත්‍රී දූෂණ, ලිංගික වධහිංසා, කුරිරු, අමානුෂික සහ අවමන් සහගත සැලකීම් ඇතුළු ලිංගික හිංසනයන් සිදු කර ඇති බවට පැහැදිලි සහ ඒත්තු ගැන්වෙන තොරතුරු ද හමු වී ඇති බව එහි වැඩිදුරටත් සඳහන්.

පලස්තීනුවන්ට එරෙහි ලිංගික හිංසනය පිළිබඳ තොරතුරු ද එක්සත් ජාතීන්ගේ සංවිධානයට ද ලැබී තිබෙන බව ඔවුන් ප්‍රකාශ කර තිබෙන නමුත් දෙපාර්ශවයම චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

යට ඇඳුම් සිද්ධි

ඇතමෙක් අදහස් දක්වා ඇත්තේ යට ඇඳුම් පිළිබඳ සිදුවීම කාන්තාවන්ට එරෙහි යැයි කියනු ලබන යුද අපරාධ සමඟ සැසඳෙන්නේ නැති බවයි. නමුත් නීති විශාරදයින් පවසන්නේ ඔවුන් යුධ සමයේදී සිවිල් වැසියන්ට විශේෂයෙන් කාන්තාවන්ට සැලකීම සහ අයිතිවාසිකම් පිළිබඳ වන සිව්වන ජිනීවා සම්මුතියේ 27 වන වගන්තිය කඩ කර ඇති බවයි. එම 27 වැනි වගන්තියේ හි දැක්වෙන්නේ සිවිල් වැසියන්ට ඔවුන්ගේ ගෞරවය, පවුල් අයිතිවාසිකම්, පුරුදු සහ සිරිත් විරිත්වලට ගරු කිරීමට හිමිකම් ඇති අතර, අපහාස හා මහජන කුතුහලයෙන් ආරක්ෂා විය යුතු බවත්, ඔවුන්ගේ ගෞරවයට එල්ල වන ඕනෑම ප්‍රහාරයකින් කාන්තාවන් විශේෂයෙන් ආරක්ෂා කළ යුතු බවත් ය.

කෙසේ වෙතත් ඊශ්‍රායලය තුළ මෙම යට ඇඳුම් සමාජ මාධ්‍යයන් හි පළකිරීම කෙරෙහි එතරම් අවධානයක් යොමු වී නොමැති බව ඊශ්‍රායල මාධ්‍ය ආවරණය කරන වෙබ් අඩවියක් වන “සෙවන්ත් අයි”  දක්වා තිබෙනවා. මෙයට හාත්පසින්ම වෙනස් අදහස් දරන එහි දැක්වෙන්නේ ගාසා තීරයේ නිවෙස්වලින් සොයාගත් බව පැවසෙන ආයුධ සහ හමාස් ධජ පෙන්වන පල කිරීම් වඩාත් පුළුල් ලෙස සංසරණය වෙමින් පවතින බවයි.

මෙම සිදුවීම සම්බන්ධව කවුරුන් කෙසේ කිනම් අදහසක් දැරුව ද, අවසානයේ එය ලොව පුරා සිටින කාන්තාවන්ට එල්ල කල අවමානයක් නොවේද?

Tags: නවතම
Share69Tweet43
Previous Post

කළුතර සිසුන්ට ලබා දුන් එන්නතක් විස වේ… සිසුන් 10ක් රෝහලේ!

Next Post

ගැහැනු දරුවන්ගේ කැමැත්ත මත ලිංගික එක්වීමේ වයස අවුරුදු 14 කර ස්ත්‍රී දූෂණය අපරධය ලිහිල් කිරීමට පාර්ලිමේන්තුව තුළින්ම විරෝධය!

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.