අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඊයේ හොරණ වෙඩි තැබීමට යොදාගත් ගිනි අවිය අද සොයාගනී !

by lankasara-editor
මැයි 6, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සුමිත් පොතුපිටිය –

හොරණ ග්‍රේස්ලන්ඩ්වත්ත ප්‍රදේශයේ දී ඊයේ ව්‍යාපාරිකයෙකුට වෙඩිතැබීම සැලසුම් කල ප්‍රධාන සැකකරු සතුව තිබූ ටී 56 වර්ගයේ ගිනි අවියක්, මැගසීනයක් සහ මිමි 7.62 x39 වර්ගයේ ජීව පතුරම් 30 ක් අද සොයාගත් බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි.
ඊයේ පස්වරුවේ කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගත් සැකකරු අද හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රැඳවුම් නියෝග ලබාගැනීමෙන් පසු ලද අනාවරණය වූ තොරතුරු මත ගිනිඅවිය සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.

සැකකරු පදිංව් හොරණ, කුඩාඋඩුව ප්‍රදේශයේ නිවසෙහි සඟවා තිබී ගිනි අවිය සහ පතුරම් සොයාගෙන ඇති බව වැටලීමට එක්වූ නිළධාරියෙක් සඳහන් කලේය.

මෙම ටී 56 ගිනිඅවියේ අංක කිසියම් උපකරණයක් යොදා මකාදමා තිබී ඇති අතර , එය සැකකරුට ලැබුනු ආකාරය සහ කිසියම් අපරාධයක් සඳහා යොදාගෙන ඇද්ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බව උසස් පොලිස් නිළධාරියෙක් කීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඊයේ (05) පෙරවරු 10 ට පමණ මුදල් පොලියට දෙන බව කියන ව්‍යාපාරිකයා  සුඛෝපභෝගී ජීප් රථයකින් හොරණ ග්‍රේස්ලන්ඩ් වත්ත ප්‍රදේශයේ ගමන් කරමින් සිටියදී ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් දෙදෙනෙකු පැමිණ පසුපස සිටි තුවක්කුකරු රථයට වෙඩි තබා පලාගොස් තිබුණි. වෙඩි තැබීම සිදුකල පුද්ගලයා කවුරුන්ද යන්න ව්‍යාපාරිකයාගේ බිරිඳ විසින් හඳුනාගෙන තිබූ අතර, ඔහු ඩුබායි රාජ්‍යයේ සිට පසුගිය අප්‍රේල් 29 දා මෙරටට පැමිණ සිටි හොරණ හොරකැටිය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අයෙකු බවට පොලිසිය විසින් හඳුනාගෙන තිබුණි. එම තොරතුරු අනාවරණය වීමෙන් අනතුරුව ඔහු නැවත ඩුබායි රාජ්‍යයට පලායාමට ඉඩ ඇති බැවින් කටුනායක ගුවන්තොටුපළේ නිලධාරීන් දැනුවත් කොට තිබූ බව පොලිසිය සඳහන් කරයි.

මේ කිසිවක් නොදත් සැකකරු ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් පලායාමට සූදානම්ව එදිනම පස්වරුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණ සිටියදී ස්වයංක්‍රීයව මුහුණු හඳුනාගැනීමේ පද්ධතිය ඔස්සේ සැකකරුව හඳුනාගෙන අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරු පසුගිය අප්‍රේල් 29 දා ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණ තිබූ අතර, වෙඩි තැබීම සිදුකිරීමෙන් පසු යතුරුපැදිය හොරණ හල්කොල ප්‍රදේශයේ දමා ගොස් තිබියදී විශේෂ කාර්ය බළකාය විසින් සොයාගෙන තිබුණි. සැකකරු තවදුරටත් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටින බව පරීක්ෂණ සිදුකරන නිළධාරීයෙක් කීය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

අධ්‍යක්ෂක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ජී ජේ නන්දන, ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිලංග සංජීව, උප පොලිස් පරීක්ෂකවරුන් වන උපුල්  හර්ෂ කුමාර, කේ එම් ඩී මධුෂාන්, සැරයන්වරුන් වන 41104 සමන්තිලක, 69479 ප්‍රසන්න,  69615 ජයසූරිය , 55301 ජිනේන්ද්‍ර,  කොස්තාපල් වරුන්වන  79335 තුෂාර, 98857 අංජුල, පොකොරි 89857 සංකල්ප වැටලීමට එක්වූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අවුරුද්දකට රුපියල් බිලියන 180ක් අහිමි කරමින් අරක්කු බද්ද පිල්ලි යවන ගුඩ්ඩෝ!

Next Post

අවිස්සාවේල්ල හෙල්ලූ, ඩුබායි හිදී ඇල්ලූ මන්නා රමේෂ් ලංකාවට ගෙනෙයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.