බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඊයේ නිදහස් චතුරශ්‍රයේ දී “ලංකාරලංකා” සංස්කෘතික සංධ්වනිය ජනපති රස විඳී  !

රාජ්‍ය නර්තන කණ්ඩායම් 10ක් සහ පෞද්ගලික අංශයේ නර්තන කණ්ඩායම් 08ක් ඒකබද්ධව රංගනයක....

by editor
පෙබරවාරි 4, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

75 වන ජාතික නිදහස් දින සැමරුම නිමිත්තෙන් සියලුම නර්ථන, ගායන සහ වාදන අංගවල එකතුවක් පිළිබිඹු කරමින් විශේෂ සංස්කෘතිකාංග 18කින් සමන්විතව පැවැත්වුණු “ලංකාරලංකා” සංස්කෘතික සංධ්වනිය ඊයේ (03) රාත්‍රියේ කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී විචිත්‍රවත්ව පැවැත්වුන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සහභාගි විය.

ජනාධිපතිවරයා ප්‍රසංගය රස විඳිමින්….

රාජ්‍ය නර්තන කණ්ඩායම් 10ක් සහ පෞද්ගලික අංශයේ නර්තන කණ්ඩායම් 08ක් ඒකාබද්ධව “ලංකාරලංකා” සංස්කෘතික සංධ්වනිය පැවැත්විණි.

මෙහි පිටපත සහ පද රචනය ගයා රම්‍ය අල්විස්ගෙන් වන අතර සංගීතය ජානක ෆොන්සේකාගෙනි. නර්තන වින්‍යාසය සහ අධ්‍යක්ෂණය මහාචාර්ය කරුණාරත්න බණ්ඩාරයන් සහ ආචාර්ය රවිබන්දු විද්‍යාපති විසින් සිදු කර තිබිණි.

සැබැවින්ම නිදහස යනු කුමක්ද? එය ළඟා කර ගත හැක්කේ කෙසේද? ඇමරිකානු ලේඛක විලියම් ෆෝක්නර් ඉදිරිපත් කරන අදහසට අනුව නිදහස ලඟා කර ගත හැක්කේ නිදහස කෑ ගසා ඉල්ලා සිටීමෙන් ම පමණක් නොව නිදහස උදෙසා ඇති පුහුණුවෙනි.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

නිදහස නම් වූ ඒ අපූර්ව සංකල්පය දරා සිටින්නට අපට මනා පුරුද්දක් පුහුණුවක් තිබේද? අධිරාජ්‍යවාදී බළමුළුවලට නතුව ගෙවී ගිය යුගය නිමාවට පත් වුව ද අප සැබෑ නිදහස භුක්ති විඳීමේ පුරුද්ද ඇති කර ගත්තේ ද? නිදහසින් පසු හැත්තෑපස් වසරක් ගෙවා හමාර කරන අපි, සැබෑ නිදහසක් ලබන්නට කෙසේ වෙනස් විය යුතුද? එළැඹෙන (2023-2048) නව සියවසක හැරවුම් ගමන් මඟ කටු කොහොල් පාදා ගන්නට නම් අප වෙනස් විය යුත්තේ කෙසේද? එකී පරිවර්ථනයක් උදෙසා ඇරඹෙන ගමන් මගෙහි ආරම්භක සංඥාව “ලංකාරලංකා” නාද පෙළහරින් සනිටුහන් කෙරිණි.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ  ද, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන   ප්‍රමුඛ මැති ඇමතිවරුන්ද, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක   ද, ජනාධිපති ලේකම්, අග්‍රාමාත්‍ය ලේකම්, කැබිනට් ලේකම් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් ද තානාපතිවරු, මහකොමසාරිස්වරු ප්‍රමුඛ 75 වන නිදහස් දින සැමරුම නිමිත්තෙන් මෙරටට පැමිණි විදෙස් අමාත්‍යවරු ප්‍රමුඛ නියෝජිතයන් ද, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීහු සහ රාජ්‍ය නිලධාරින්, කලාකරුවන්, ක්‍රීඩකයන් ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තරු පටි කාරයින් කීප දෙනෙකුගේ “නිදහස් ආතල් එකකට” පොලිසියේ මහත්තුරුත් කන්නවත් නැතිව වේලෙනවා… දියතට එක් වූ විරෝධතා කරුවෝ කියති.

Next Post

නිදහස් දිනය විතරක් නොවෙයි… ලෝක පිළිකා දිනයත් අදයි… බෙහෙත් නැතිව මැරෙන්න අත්හළ රෝගීන් සමග රට පිළිකා දිනයත් සමරයි!

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.