ඊයේ (07) දිනයේ දී කොවිඩ් මරණ 46ක් වාර්තා කරන සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා ඊයේ දිනය තුළ කොවිඩ් මරණ වාර්තා වී නැති බව සඳහන් කරයි.
සුපුරුදු ලෙසම ප්‍රමාද වූ මරණ ලෙස මැයි 17 සිට ජූනි 05 දක්වා දවස් 19ක් තුළ සිදු වූ බවට වාර්තාවන මරණ 46ක් ඉදිරිපත් කරයි. මේ මරණ 46ත් සමග ලංකාවේ මෙතෙක් වාර්තාවූ කොවිඩ් මරණ 1742ක් දක්වා වැඩි වී තිබේ.
එමෙන්ම ඊයේ කොවිඩ් ආසාදිතයන් 2976ක් වාර්තා වී ඇත. ඒ අනුව කොවිඩ් දෙවන රැල්ලෙන් පසු ලංකාවෙන් වාර්තාවන සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව එක් ලක්ෂ අනූ අට දහස් හයසිය පනස් හතර තෙක් ඉහළ ගොස් තිබේ.
මේ සම්බන්ධව රජය නිකුත් කළ නිවේදන පහත දැක්වේ.