රිෂාඩ් බදියුදීන්ගේ නිවසේදී ගිනි ඇවිලීමෙන් මිය ගිය මෙහෙකාරිය වන ඉෂාලිනීට ඉංග්‍රීසි ලිවීමට හැකියාවක් නොමැති බව ඇයගේ සහෝදරයා වන තිරුප්‍රසාද් පවසා තිබේ.
අවිස්සාවේල්ල පුවක්පිටිය දෙමළ මහා විද්‍යාලයේ 07 වැනි පංතිය දක්වා පමණක් ඇය ගිය බවත් ඊට ඉහළ අධ්‍යාපනයක් නොලැබූ බවත් ඔහු පවසා ඇත.
රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ ඇය නැවතී සිටි කාමරයේ බිත්තියක සටහන්කර තිබී හමුවුණු EN SARUKU KARANAM ලෙස ඉංග්‍රීසියෙන් සටහන්කර තිබුණු සටහනක් ඇය විසින් කළ එකක්දැයි සොයා පොලීසිය විසින් කරන විමර්ශනයට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙසේ සදහන් කර ඇත.
‘එන් සාවුක්කු කාරණම්’ යන දෙමළ වචනය එහි ඉංග්‍රීසි අකුරින් බිත්තියේ සටහන් තබා තිබී ඇත. එම වචනයේ සිංහල තේරුම වන්නේ ‘මරණයට හේතුව’ යන්නය.
එම වචනය ඇය විසින් ලියූවක්දැයි සොයා රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අකුරු පරීක්ෂකවරයා පරීක්ෂණයක් ආරම්භකර ඇත.
ඊට ඉෂාලිගේ අත්අකුරු සටහන් තබා ඇති ලේඛනවල සහයද ලබා ගන්නා බව පැවසේ.