ආණ්ඩුවට ඉවත්වන්නැයි කීම පහසු නමුත් ඉවත් වූ පසු එහි වගකීම භාරගැනීමට කෙනෙක් තවමත් ඉදිරිපත් වී නැතැයි කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති සහ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.
මහා නායක හිමිවරුන් විසන් රජය හා අගමැතිවරයා ඉවත් කර අන්තර්වාර පාලනයක් ගෙන යෑමට කරන යෝජනාව සම්බන්ධව ලංකාසර උන්වහන්සේගෙන් කළ විමසීමක දී උන්වහන්සේ පෙන්වා දුන්නේ ඉවත්වන්නට කියනවා නම් ආණ්ඩුවේ වගකීම භාරගන්නට කෙනෙක් ඉදිරිපත් විය යුතු බවය.
“එහෙම නැතිනම් ආණ්ඩුවේ වගකීම මහා නායක හිමිවරුන් බාර ගන්න ඕන. එහෙමත් නෑනෙ..“ උන්වහන්සේ කීහ.
සමාජය මතුකරන ප්‍රශ්නවලට පිළිතුරු දිය නොහැකි තැනකට තමන්වහන්සේලා පත් වී ඇති බව කී ආනන්ද හිමියෝ මේ ව්‍යසනය ගැන මේ ආණ්ඩුවට මුල සිටම අනතුරු ඇඟවූයේ තමන් බව කීහ. මේ ඒ ඇහුම්කන් නුදුන් උද්දච්ඡකමේ ප්‍රතිඵළ බවත් ආනන්ද හිමියෝ පැවසූහ.
“ අපි පක්ෂ දිනවන්න නෙමෙයි වැඩ කළේ. රට ජාතිය ආගම දිනවලා යහපත් සමාජයක් බිහි කරන්න. දැන් වෙලා තියන දේ ප්‍රශ්නවලට උත්තර දෙන්න ගියාමත් අපි අමාරුවෙ වැටෙනවා“
උන්වහන්සේ කීහ.







