සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉල්ලා අස්වන්න යැයි ජනපති අගමැතිට යෝජනා කරයි… අගමැති ජනපතිගේ මූණටම බෑ කියයි…

සියල්ලන්ටම වඩා මට සහෝදරකම ලොකුයි... විධායක බලතල අකුලාගෙන ජනපති පවසයි.... පොහොට්ටු රැස්වීම අවුලෙන් අවුලට....

by editor
අප්‍රේල් 28, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ විසින් ඉල්ලා අස්වන ලෙස කළ ඉල්ලීම අගමැතිවරයා ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ. 

තමන්ට  ඉවත් වීම සඳහා කිසිදු හේතුවක් නැති බව අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ අද (28) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පොහොට්ටු කණ්ඩායම් රැස්වීමේ දී ය.

රැස්වීම ආරම්භයේ දී ම පසුපෙළ මන්ත්‍රී තිස්ස කුට්ටිආරචිච් විසින් අගමැතිවරයාට ඉවත් වීමට යෝජනා කළ අරුන්දික ප්‍රනාන්දුට බරපතල විවේචනයක් එල්ලකරමින් පවසා ඇත්තේ ඔහු වැන්නෙක්   අගමැතිවරයාට ඉවත් වීමට යෝජනා කිරීම මූලික සදාචාරයටත් විරුද්ධ බවය.

ඔහුව දැඩිව විවේචනය කිරීමට තිස්සකුට්ටිආරච්චි සමග පසුපෙළ මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ම ඉදිරිපත් වී තිබේ.

මේ මන්ත්‍රීවරුන් පවසා ඇත්තේ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රී කණ්ඩාම තුළ ලාභ ඩබල් ගේමක සිටිනා බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙහිදී අරුන්දික ප්‍රනාන්දු පවසා ඇත්තේ දැන් මෙතන ඇවිලෙන්නේ පවුලේ   ප්‍රශ්නයක් බවත් තමන්  ඉදිරිපත්වූයේ රටේ ප්‍රශ්නය සබුද්ධිකව විසඳා ගත හැකි ප්‍රවේශයක් සොයගැනීමට බවත් අරුන්දික ප්‍රනාන්දු පවසා ඇත.

මෙහිදී නාමල් රාජපක්ෂ අරුන්දිකට එරෙහිව වචන හුවමාරුවක පැටලී තිබේ. එවිට කාංචන විජේසේකර ඇතුළු තරුණ කණ්ඩායමක් මැදිහත්ව මේ ප්‍රශ්නය  විසඳා ගැනීමට උත්සාහ කර ඇතැයි වාර්තා වේ.

මේ සංවාදය අතර අගමැති මහින්ද රාජපක්ෂ පවසා ඇත්තේ   ඩලස් අලහප්පෙරුම දේශපාලනයට ගෙනාවේ තමන් බවත්, ඔහු පිටුපස සිට පිහියෙන් අනින ජාතියේ පුද්ගලයෙක් නොවන බව තමන්ට සහතික බවත්ය.

එවිට ඩලස්  කතා කරමින්  තමන්ට කිසිම පුද්ගලික අරමුණක් හෝ න්‍යාය පත්‍රයක් නොමැති බව පවසා ඇත.  රටේ ගිනි ඇවිලී බරපතල විනාශයක් වීම වැළැක්වීම මේ  මොහොත  වනතුරුත් තමන්ගේ  අභිප්‍රාය බව ඔහු කියා  තිබේ.

මෙහිදී  අගමැතිවරයා කළ දීර්ඝ කරුණු දැක්වීම හමුවේ ජනාධිපතිවරයා පවසා ඇත්තේ තමන් අග්‍රාමාත්‍යවරයාට   ඉල්ලා අස්වීම සඳහා ඉල්ලා නොසිටි බවය.    තමන්  සියල්ලට වඩා සහෝදරකම රකිනා බව ඔහු පවසා ඇත.

නමුත්  පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 113ක  බහුතරය පෙන්නූ කෙනෙකුට අග්‍රාමාත්‍යකම ලබා දීමට තමන්ට සිදුවන බව ජනාධිපතිවරයා පවසා තිබේ.

ඊට පිළිතුරු දුන් මහින්ද රාජපක්ෂ පවසා ඇත්තේ තමන්ට මේ වනවිටත්  113ක බලයක් පාර්ලිමේන්තුව තුළ ඇති බවකි.

කෙසේ වෙතත් බරපතල  විසංවාදයක් පමණක් ඉතිරි කරමින් මන්ත්‍රී කණ්ඩායමේ හමුව නිමා වී ඇති බව වාර්තා වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රඹුක්කන ඝාතන සිද්ධියට අණ දුන් කෑගල්ල එස්.එස්.පී සහ පොලිසියේ තුනක් අත්අඩංගුවට!

Next Post

චීන්නු කිළිනොච්චියේ මුහුදු කූඩැල්ලන් අභිජනන මධ්‍යස්ථානය වසා දමති!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.