ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එක්සත් ජනපද ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් පසු බලශක්ති වෙළඳපොළ අවිනිශ්ඡිත තාවයකට පත් වී ඇති බවත්, අද උදෑසනවන විට වෙළෙඳපලේ තෙල් මිල ඉහළ ගොස් ඇති බවත් ජාත්‍යාන්තර මාධ්‍ය වාර්තා කරයි.
AFP වාර්තා කර ඇතේතේ අද උදෑසන බ්‍රෙන්ට් සහ එක්සත් ජනපද ප්‍රධාන බොරතෙල් සැපයීමවන WTI සියයට 4කින් තම බොරතෙල් මිල ඉහළ දමා තිබිණි. ඒ ජනවාරියේ සිට මේ දක්වා බොරතෙල්වල මිල ලකුනු වූ ඉහළම අගය ලෙස වාර්තා වූයේය.
කෙසේ වෙතත් මේ වනවිට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයකට ඩොලර් 79.20 ක් ලෙස සියයට 2.2 කින් ඉහළ ගොස් ඇති අතර WTI බැරලයක මිල ඩොලර් 75.98 ක් ලෙස සියයට 2.1 කින් ඉහළ ගොස් තිබේ.
ජපන් MUFG මූල්‍ය කණ්ඩායමේ ආර්ථික විද්‍යාඥයින් AFP වෙත පවසා ඇත්තේ මෙම යුද්ධයේ ප්‍රතිඵල සහ පවතින කාලසීමාව පිළිබඳ ඉහළ අවිනිශ්චිතතාවයක් ඇති බැවින් බොරතෙල් බැරලයක මිල ඩොලර් 10 කින් ඉහළ යෑමට ද අවස්ථාව ඇති බවය.
දිනකට බැරල් මිලියන 3.3 ක් පමණ නිෂ්පාදනය කරන ලොව නවවන විශාලතම තෙල් නිපදවන රට ඉරානයයි. ඉරානය එම ප්‍රමාණයෙන් අඩකට වඩා අඩුවෙන් අපනයනය කරන අතර ඉතිරිය දේශීය පරිභෝජනය සඳහා තබා ගනී.







