අන්තර්ජාල අපරාධ කළ බවට සැක පිට පරිගණක යන්ත්‍ර 20ක්, රවුටර් 03ක් සහ ජංගම දුරකථන 282ක් සහිතව විදේශිකයින් 10 දෙනෙක් සැක සහිත ලෙස ඉරණවිල හෝටලයක ලැගුම්ගෙන සිටින විට ඊයේ (15) දිනයේ දී අත් අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ, අත්අඩංගුවට ගත් එම විදේශිකයින් අතරට මැලේසියානු ජාතික පිරිමි පුද්ගලයින් 04ක්, ඉතියෝපියානු ජාතික පිරිමි පුද්ගලයින් 03ක් හා කාන්තාවක්, කෙන්යානු ජාතික කාන්තාවක් හා චීන ජාතික පිරිමි පුද්ගලයෙක් සිටි බවයත
පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලිම සිදුකර තිබිණි.
පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.







