සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉඳුරුව රෝහල් කාර්ය මණ්ඩලයේ 05ක් රාජකාරි වෙලාවේ නිල ඇඳුමින්ම ගිලන් රථයක නැගී පේන අහන්න ගිහින්!

by editor
නොවැම්බර් 24, 2022
in පුවත්
පේන අහන්න ගිය ගිලන් රථය...

පේන අහන්න ගිය ගිලන් රථය...

Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ – 

රාජකාරී වේලාව තුළ නිල ඇදුමින්ම  ඉදුරුව රෝහලේ ගිලන් රථයේ නැගී  රෝහලේ හෙද කාර්යය මණ්ඩලයේ පස් දෙනෙක්  කිලෝමීටර 40 ක් පමණ දුරින් ඇති සාස්තර මඩුවක   පේන ඇසීමට යෑමේ සිද්ධියක් සම්බන්ධව විධිමත් පරික්ෂණයක් ආරම්භ කල බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලය අද (24) ප්‍රකාශ කළේය. 

පසුගිය 18 වන සිකුරාදා පෙරවරුවේ අම්බලන්ගොඩ බටපොල, නින්දාන පාසල අසල ඇති පේන කියන සාත්තර මඩුවක වෙත කිලෝ මීටර 40ක් දුර ගෙවා රෝහලේ ගිලන් රථයෙන් මෙම පිරිස පැමිණ තිබුණු බවත්, ගිලන් රථයකින් පැමිණ නිල ඇඳුමින් සැරසුන සෞඛ්‍ය සේවක කණ්ඩායමක් රාජකාරි වෙලාවේ පේන ඇසීමේ අසාමාන්‍ය තත්ත්වය බලන්නට පැමිණි    ගැමියන් සහ මෙම  කණ්ඩායම අතර නොසන්සුන් තාවයක් ඇති වී තිබුණු බවත් වාර්තා වේ. 

ප්‍රදේශවාසීන් ගිලන් රථයේ සහ එහි පැමිණි අයකුගේ ඡායාරුප හා වීඩියෝ දර්ශන ලබා ගැනීමට කටයුතු කර තිබේ.

ගිලන් රථයේ රියදුරුගෙන් ප්‍රදේශවාසීන් කරුණු විමසීමේ දී ඔහු ප්‍රකාශ කර ඇත්තේ නින්දාන පාසලට බෙහෙත් ද්‍රව්‍යය තොගයක් ප්‍රවාහනය කල බව යැයිද ප්‍රද්ශවාසීහු කියති. 

නින්දාන මහා විද්‍යාලයේ විදුහල්පති ජී එච් අයි පොන්සේකා ගෙන් මාධ්‍ය කළ විමසීමකදී ඇය ප්‍රකාශ කළේ නින්දාන පාසලට ඔය කියන දවසෙ කිසිම ගිලන් රථයකින් බෙහෙත් ද්‍රව්‍යය හෝ වෙනත් කිසිවක් රැගෙනවිත් භාර නොදුන් බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ගිලන් රථය භාර ඉදුරුව රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි ප්‍රසන්න විජේසිංහ ගෙන් මේ සම්බන්ධයෙන් මාධ්‍යවේයෙක් කළ කරුණු විමසීමේ දී  ‘තමුසෙ කොහොමද? පාරේ තියෙන වාහන ජායාරූප හා විඩියෝ ගත කරන්නේ යනුවෙනි. රෝහලේ වාහන රාජකාරිවලට තමයි යන්නෙ, තමුසේ තමුසෙගෙ වැඩක් බලාගෙන පාඩුවේ ඉන්නව ඕයි’ යනුවෙන් ද වෛද්‍ය නිලධාරීවරයා ප්‍රකාශ කර ඇත.  මේ සම්බන්ධයෙන්ද දකුණු පළාත් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂවරයා වෙත කරුණු ඉදිරිපත් වී තිබේ. 

මේ සම්බන්ධයෙන් දකුණු පළාත් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග  ප්‍රකාශ කළේ රෝහලක ගිලන් රථයක් භාවිතා කල හැක්කේ රෝහලේ සේවය සඳහා ම පමණක් බවය.

“සාත්තර කියන ස්ථාන වලට පේන ඇසීමට යන්න ගිලන් රථයක් භාවිතා කිරීම මොන පදනමකින්වත්  අනුමත කරන්න බෑ.  මෙවැනි ගමන් යෑම බරපතල වරදක්. ඊට අදාලව උපරිම අන්දමින්  නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට   කටයුතු කරනවා.“ ඔහු වැඩිදුරටත් කීවේය. 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

හෙට ඇරඹෙන ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන් එක්දින තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ…

Next Post

ගමෙන් තුනෙන් දෙකක් වකුගඩු ලෙඩ්ඩු… මරණයේ හෙවනැල්ලෙන් අඳුරු වුනු විල්ගමුවේ කතාව !

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.