නිට්ටඹුව හොරගොල්ල ඉන්ධන පිරවුම් පෙට්‍රල් ලබා ගැනීමේ පෝලිමක සිටි පුද්ගලයන් දෙදෙනකු අතර ඇතිවූ බහින්බස් වීමක් ඝාතනයක් දක්වා දුර දිග ගොස් තිබේ. ඊයේ රාත්‍රියේ ඉන්ධන ලබාගැනීමට පැමිණි මෙම පුද්ගලයන් අතර ඇති වූ ගැටුමක් අතර උල් ආයුධයකින් සිදු කළ තුවැල කිරීමක් නිසා තරුණයකු මරණයට පත්ව ඇති බව පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ සිය යතුරු පැදියට පෙටුල් ලබා ගැනීමට පැමිණි කොළඹ 14 ග්‍රෑන්ඩ්පාස් පුදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණයෙකි. මෙම ඝාතනයට සම්බන්ධ බව කියන ත්‍රි රෝද රථ රියදුරකු මේ වනවිට පළාගොස් ඇති බව ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.තුවාල ලත් තරුණයා වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් ඇත.
ඉන්ධන පෝලිමක් අසළ සිදුවූ තෙවැනි මරණය ලෙස වාර්තා වන අතර ඊයේ කඩවතදීත් පෙරේදා මහනුවරදීත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් දෙදෙනකු මරණයට පත් විය.







