සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දීය වෙරළාරක්ෂකයින් ශ්‍රී ලංකා ධීවරයින්ට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධව රජයේ දැඩි විරෝධය !

by editor
පෙබරවාරි 2, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළදී මෙරට ධීවරයින් පිරිසකට ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රජය සිය දැඩි විරෝධය පළ කර සිටියි.

ධීවර අමාත්‍ය රාමලින්ගම් චන්ද්‍රසේකර්  අවධාරණය කළේ අසත්‍ය චෝදනා එල්ල කරමින් සිදුකළ මෙම ප්‍රහාරය පිළිබඳව දැනටමත් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය දැනුවත් කර ඇති බවයි.

වෙන්නප්පුව සහ වෙල්ලමන්කරය ප්‍රදේශවලින් පිටත්ව ගිය යාත්‍රා දෙකක සිටි ධීවරයින් 12 දෙනෙකු මෙරට මුහුදු සීමාව තුළ දී ඉන්දීය වෙරළ ආරක්ෂකයින්ගේ  අමානුෂික ප්‍රහාරයට ලක් වන්නේ පසුගිය 29 වැනිදා ය.

ඉන්දීය වෙරළ ආරක්ෂකයින් මෙම ප්‍රහාරය එල්ල කරන්නේ  ජාත්‍යන්තර මුහුදේ මසුන් අල්ලා යළි දිවයිනට පැමිණෙමින් සිටිය මෙම ධීවර කණ්ඩායමටය.

සහන සේවා සහ වෛද්‍ය ප්‍රතිකාර

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා සඳහන් කළේ, ප්‍රහාරයෙන් තුවාල ලැබූ ධීවරයින් සිව්දෙනෙකු මේ වන විටත් කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවය. පහර කෑමට ලක් වූ  තවත් ධීවරයින් 06 දෙනෙකු රැගෙන ඒම සඳහා නාවික හමුදා නෞකාවක් මුහුදට පිටත්ව ගොස් ඇති බවත් ඔහු පැවසුවේය.

“ලංකාවේ සීමාව ඇතුළට ඇවිත් අපේ මිනිස්සුන්ට අමානුෂික ලෙස ගහනකල් බලධාරීන් මොනවද කළේ? මේ ගැන වහාම විධිමත් පරීක්ෂණයක් අවශ්‍යයි.”  සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති ටිරෝන් මෙන්ඩිස් පවසයි.

“යාත්‍රා තුනකට පහර දීලා තියනවා. දෙකකට පහර දීලා තියෙන්නේ ලංකාවේ මුහුදු තීරයේදී..ලංකාවේ බෝඩරේ ඉඳන් අපේ මුහුදු සීමාව ඇතුළට ඇවිල්ලා තමා ගහලා තියෙන්නේ. එහෙම පහර දෙනෙකල් අපේ බලධාරීන් මොනවද කළේ කියලා අපි මුලින්ම අහන්න ඕනේ. ඒ ගැන විදිමත් පරීක්ෂණයක් කරන්න ඕනේ. පහර දීලා තියෙන්නේ අමානුෂික විදිහට. ඒ ගැන හොයා බලන්න කියලා අපි අපේ ඇමතිවරු දෙන්නට කියනවා. නාවික හමුදාවෙනුත් අපි ඉල්ලා සිටිනවා මේ ගැන විදිමත් පරීක්ෂණයක් කරන්න කියලා. අපේ ධීවරයින්ට පහර දීලා යනකල් මොනවද කළේ කියලා අපි නාවික හමුදාවෙනුත් අහනවා.” ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා ප්‍රශ්න කරයි.

ධීවරයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අපොහොසත් වූ බවට එල්ල වන චෝදනා හමුවේ නාවික හමුදාව ප්‍රකාශ කළේ, මෙරට මුහුදු සීමාව පුරා සෑම ස්ථානයක්ම එකවර ආවේක්ෂණය කිරීම (Surveillance) ප්‍රායෝගිකව අපහසු කාර්යයක් බවයි.

කෙසේ වෙතත්, ධීවර සංගම් අවධාරණය කරන්නේ මෙරට ස්වෛරීභාවය සහ ධීවරයින්ගේ ජීවිත ආරක්ෂා කිරීම වෙනුවෙන් රජය මීට වඩා මැදිහත් විය යුතු බවයි.

Share69Tweet43
Previous Post

කථානායකට එරෙහිව දූෂණ චෝදනා එල්ල කරමින් වැඩ තහනම් කළ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

Next Post

ශ්‍රී ලංකා මුහුදු තීරයේ දී ඉන්දියානු ධජය යටතේ පැමිණි මැරයින්ගෙන් ගුටි කෑ ධීවරයින් කියන කතාව…

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.