සිය පළමු නිල සංචාරය සඳහා ඊයේ දිවයිනට පැමිණි ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ශ්‍රීන්ග්ලා මහතා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ආශිර්වාදය ලබා ගනිමින් මෙරට තුළ සිය නිල රාජකාරිය සඳහා සංචාරය ආරම්භ කර තිබේ.
අද පෙරවරුවේ දළදා මාළිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල මහතා විසින් ඔහු ඇතුළු පිරිස පිළිගනු ලැබීය.
ඔහු ත්‍රිකුණාමලය හා යාපනය බලා පිටත්වීමට ද නියමිත ය.
ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ජනතාවගේ යහපැවැත්ම සහ සමෘද්ධිය සහ සියවස් ගණනාවක් පැරණි දෙරටේ බැඳීම් ශක්තිමත් කර ගැනීම සඳහා විදේශ ලේකම්වරයා අපේක්ෂා කරන බව මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.
මෙම සංචාරය තුළදී, ජාතීන් අතර සහයෝගීතාව තවදුරටත් ඉහළ නැංවීම සඳහා ඉහළ පෙළේ බලධාරීන් සමඟ සාකච්ඡා පවත්වන අතර ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලට සංචාරය කරනු ඇත.
විදේශ ලේකම්වරයා ඊයේ පැමිණිි අවස්ථාවේදී මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝ්පාල් බග්ලේ සහ ශ්‍රී ලංකා විදේශ ලේකම් අද්මිරාල් (විශ්‍රාමික) මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා විසින් ගුවන් තොටුපොළේ දී පිළිගන්නා ලදී.








