බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දීය විදේශ ඇමති ජනපති හමුවෙයි…. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඒකාබද්ධ පොදු වැඩසටහනකට සැරසෙයි…

by editor
ජනවාරි 20, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඒකාබද්ධ පොදු වැඩසටහනක් ක්‍රියාවට නැන්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් අතර පැවති සාකච්ඡාවේ දී එකඟතාවය පල වී ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය ‍විදේශ අමාත්‍යවරයා අතර හමුව අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යයාලයේදී පැවැත්විනි .
මෙම නිල සාකච්ඡාවලට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා කොළඹ, පැජට් පාරේ පිහිටි ජනාධිපති නිල නිවසේ දී විශේෂ සාකච්ඡාවකට ද එක් වූහ.

දෙරට අතර දේශපාලන, ආර්ථික සහ සමාජයීය කරුණු රැසක් පිළිබඳ මෙන්ම ආයෝජන කටයුතු සම්බන්ධයෙන් ද එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු පිළිබඳ විශේෂ අවධානයක් යොමු වූ අතර ඒ පිළිබඳ ඉන්දීය රජය පාර්ශ්වයෙන් සුබවාදී ප්‍රතිචාරයක් පළ විය.

‍ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය පී.වී නරසිම්හ රාඕගේ පාලනය ආරම්භ වූ 1991 වර්ෂයේදී ඉන්දියාවට ද අද ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අන්දමේ ආර්ථික අර්බුදයකට මුහුණදීමට සිදුවූ බව සිහිපත් කළ ඉන්දීය විදේශ අමාත්‍යවරයා ඉන්දීය රජය එම අර්බුදය සමනය කර ගනු ලැබුවේ රජය සතු රන් සංචිත උකස් තැබීමේන් බව ද සිහිපත් කළේය.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

එබැවින් අද ශ්‍රී ලංකාව මුහුණ දී සිටින තත්ත්වය පිළිබඳ මනා අවබෝධයක් ඉන්දියාවට ඇති බව පැවසූ ජයශංකර් ශ්‍රී ලංකාව මුහුණ දී ඇති වත්මන් ආර්ථික ගැටලු විසඳා ගැනීමට ඉන්දීය රජයෙන් ලබාදිය හැකි සෑම සහායක්ම ලබා දෙන බව පැවසීය.
අනතුරුව ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා අතර පැවති හමුවේ දී ගිවිසුමකට අත්සන් තැබුණු අතර ඉන්දීය රජයේ සහාය ඇතිව ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් මාර්ගගත තාක්ෂණය ඔස්සේ විවෘත කිරීම ද සිදු විය.

ඉන්දීය රජයේ සහාය මත මෙරට ක්‍රියාත්මක ඉහළ බලපෑමක් ඇති ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතිවල (HICDP- High Impact Community Development Project ) සීමාවන් ඉහළ නැංවීමට අදාළ ද්වීපාර්ශ්වීය ගිවිසුමට මෙහිදී අත්සන් තැබිණි.

ශ්‍රී ලංකා පාර්ශ්වය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ගිවිසුමට අත්සන් තැබූ අතර ඉන්දීය පාර්ශ්වය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ ඊට අත්සන් තැබීය.

ඉන්දීය රජයේ සහාය ඇතිව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති රැසකට මඟ පෙන්වනු ලබන මෙම ගිවිසුමට 2005 වසරේ මැයි මාසයේදී අත්සන් තැබිණි. එහි තනි පුද්ගල ව්‍යාපෘති සීමාව ශ්‍රී ලංකා රුපියල් මිලියන 300 ක් වූ අතර එය ශ්‍රී ලංකා රුපියල් මිලියන 600ක් දක්වා දෙගුණ කිරීම අද අත්සන් තැබූ ගිවිසුම මගින් සිදු කෙරේ.

මේ අතර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි 2017 වස‍රේ ශ්‍රී ලංකාවේ සිදු කළ සංචාරයේ දී ඉන්දීය රජය සහ ජනතාව විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන ත්‍යාගයක් ලෙස උඩරට නැටුම් සඳහා ඇකඩමියක් ඉදිකිරීමට මුල්ගල් තැබිණි. මහනුවර ඓතිහාසික දළදා මාළිගාව අසළ ඉදිකෙරුණු එම ඇකඩමිය මාර්ගගත තාක්ෂණය ඔස්සේ විවෘත කිරීම ද මෙහිදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා අතින් සිදු විය.

විදේශ කටයුතු අමාත්‍ය අලී සබ්‍රි, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක  සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීහු සහ ඉන්දීය රජයේ විශේෂ නියෝජිත පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රුක්ෂාන් බෙල්ලන ඇමති කෙහෙළියගේ ඉන්දීය ඖෂධ ප්‍රශ්නයට “බැක් කළ හැටි“ ගැන කියන හඬපටයක් ලීක් වෙයි…

Next Post

හදිස්සියි කියා ලෝක බැංකු ආධාරවලට පයින් ගසා පටන් ගත් අරවක්කාලු කසල අංගනයේ වැඩ අවුරුදු 02ක් ප්‍රමාද වෙලා! – විගණනය කියයි.

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.